රාවණා බලය සංවිධානයේ දෙවන මාහ ජාතික සමුළුව ඊයේ (නොවැම්බර් 30) සවස බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සමුළුව රජය වෙත ඉදිරිපත් කිරීමට විශේෂ යෝජනා 6 ක් සම්මත කර ගන්නා ලදි.
තවද රට හමුවේ මේ වන විට ඇති අභියෝග වලට නොබියව මුහුණ දෙන බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ඳාතිස්ස හිමියන් පවසන ලදි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ..
” ඉතිහාසයේ පටන් අපේ රට විවිධාකාර අකටයුතූකම්වලට අභියෝග වලට මුහුණ දෙමින් සිටිනව. එදා සුද්දා අපේ රටට එරෙහිව ක්‍රියාත්මක කරපු විදියට නෙමෙයි අද රටේ ඉන්න කලු සුද්දොත් එක්ක එකතූ වෙලා සුද්දා කරන්නෙ. ඊට වඩා වෙනස්ම ක්‍රියාමාර්ග.
මේ සංඝ සමාජයෙත් ඉන්නව ඒ වගේ කලු සුද්දො. අපිට කියන්න තියෙන්නෙ අපේ හාමුදුරුවනේ, අනේ පව් කියල විතරයි. මේ රට කිසිවකූගේ අතකොලුවක් කරන්න කාටවත් ඕන ඕන විදියට නටවන්න රාවණා බලය ඉඩදෙන්නෙ නැහැ.
වසර 30 ක ශාපලත් යුද්ධය නිමා කරල රටේ ඉදිරිගමන් මග ටිකින් ටික හොඳ විදියට හදාගෙන යන මේ ගමන අහුරන්න කිසිවකූට ඉඩදෙන්නෙ නැහැ. රටට එරෙහි බටහිර බලවේග හිතන් ඉන්නව නම් අපේ රටට එරෙහිව කිසිවක් ක්‍රියාත්මක රකන්න මේ සංඝ පරපුර ඒකට ඉඩදෙන්නෙ නැහැ.
මෙවර ජනපතිවරණයට මෛත්‍රිපාල මහත්තයත් එනවලු. එයාගෙ ප්‍රතිවාදියා මහින්ද මහත්තය. වැඩේ තියෙන්නෙ මහින්ද මහත්තය ජනාධිපතිකමට සුදුසුයි කියල ශී්‍රලනිප මධ්‍යම කාරක සභාවට අත්සන් කරල දීපූ මෛත්‍රිපාල මහත්තය ඊට පහුවෙනිදා තමන් අනුමත කරපු අපේක්‍ෂකයට එරෙහිව පාරට බැහැල.
අපි කියනව කවුරු ඉදිරිපත් උනත් මේ රටට වින කරන දේවල් කරන්න එපා. එහෙම කරන්න හිතන්නවත් එපා. චන්ද්‍රිකා නෝනගෙ උපදෙස් අරගෙන මෛත්‍රිපාල මහත්තය එනව කියන්නෙ අපිට හිතාගන්න පුළුවන් නේ. අපි දන්නව ඒ නෝන ආණ්ඩු කරපු හැටි. ආණ්ඩුවෙ ඇතූලෙ ඉන්න බහුතරයක් හොරු.
නිකම් හොරු නෙමෙයි පට්ට හොරු. ඉන්න හොරු එකා දෙන්නා යනව හොරුන්ට අදාල තැන් වලට. මේ පහුගිය දවසක රාජිත කියන හිටපු අමාත්‍යවරයකූත් ආණ්ඩුවෙන් ගිහිල්ල. එයා ගැන මුහුදෙ ඉන්න මාළුන්ගෙන් ඇහුවොත් කියයි. අපේ මුහුද කෑලි වලට බෙදලා විකූණගෙන කාපු හැටි අහගන්න පුළුවන්.
ඉතින් අපි කියනව රටේ ජතනාව බුද්ධිමත්ව කල්පනා කරල මෙවර ජනාධිපතිවරණයට ඡන්දය දිය යුතූයි කියල. රටට එරෙහිවන ඕනෑම අභියෝගයක් වෙනුවෙන් රාවණා බලය දිවි හිමෙියන් රට වෙනුවෙන් ඉන්නාව. ඒ වගේම රට වෙනුවෙන් වන බලවේගයේ පෙර ගමන් කරුවන් ලෙස රාවණා බලය සංවිධානය සැමදාම රටේ මුරදේවතාවුන්”
– Ravana Media
Monday, December 1, 2014

ආණ්ඩුව් වැඩි දෙනා පට්ට හොරු.. එත් අපි මහින්ද දිනවනවා – රාවණා බලය
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment