අවුරුදු 160ක් ලාංකිකයන්ට අවුරුදු කන්න නැකත් කියාදුන් පංචාංග ලිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2015

අවුරුදු 160ක් ලාංකිකයන්ට අවුරුදු කන්න නැකත් කියාදුන් පංචාංග ලිත

1854 වර්ෂයේ සිට අඛණ්ඩව නිකුත් වූ ඈපා ලිත අද වන විට කාගේත් ගෞරවයට පාත්‍ර වී තිබෙන අතර අද කාලේ නිවසක පවතින අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා.

වසර 160ක් පරපුරවල් 5ක් මගින් මෙම ඈපා ලිත අද දක්වා මුද්‍රණය කර ඇත.දොන් ඈපා අප්පුහාමි ඈපා ලිතේ නිර්මාතෘවරයා වෙයි.

දොන් ඈපා අප්පුහාමි දොන් සයිමන් ඈපා අප්පුහාමි මහතාට සහ ඈපා අප්පුහාමි මහත්මියට දාව 1810 දී බෙන්තොට වලල්ලාවිට කෝරළයේ වැයිහේන මැදුරේදී උපත ලැබීය. 

ගලපාත විහාරයේ වලගෙදර දම්මදස්සි මහනාහිමියන් යටතේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු 1828 දී ජ්‍යෝතිෂය අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණියා. ඒ සඳහා ගුරුවරයෙකු සොයා ගැනීමට නොහැකි වූ  ඔහු පානදුර ගියත් එහිදීද බලාපොරොත්තුව ඉෂ්ඨකර ගැනීමට නොහැකි වී ඇත. 

පසුව ඔහු කොළඹ ආයුර්වේද බෙහෙත් ශාලාව විවෘත කර එහි ආයුර්වේද වෛද්‍යවරයා බවට පත් විය. 1845 දී ඔහු දොන් අන්දිරිස් අප්පුහාමිගේ වැඩිමහල් දියණිය සමඟ විවාහ වී ඇත.

ඔහු නැවත කොළඹ දී ගනේෂ් කෝවිලේ පදිංචිව සිටි යාපනය පණ්ඩිත් විශ්වනාත ශිවචාර්ය කුමාරස්වාමි යටතේ ජ්‍යෝතිෂය අධ්‍යාපනය යළි ඇරඹීය. පසුව ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ ජ්‍යෝතිෂයඥයෙකු යටතේ අධ්‍යාපනය හදාරන ලදී. 

එලෙසට ඉන්දියාවෙ ගිහිල්ල වැඩිදුරටත් ජ්‍යේතිෂ්‍ය ගැන හදාරල තමයි ලංකාවෙ පළ වූ මුල්ම ලිත වන "ඈපා පංචාංග" ලිත සකස්‌ කර තිබෙන්නේ. ඈපා පංචාංග ලිත සකස්‌ කරල බොහෝ කාලෙකට පසුවයි මිනිසුන්ගෙ ජීවිතයට එදිනෙදා අවශ්‍ය වන කරුණු අරගෙන ඈපා බිත්ති ලිත නිර්මාණය වන්නේ.

මේ රටේ ඉතිහාසයේ මුල්ම පංචාංග ලිත නිර්මාණය වී ඇත්තේ 1853 වසරේය. එය නිර්මාණය කිරීමට අහුන්ගල්ලේ ගුරුන්නාන්සේ සමග ඈපා අප්පුහාමි මූලිකත්වය ගෙන ඇත. නමුත් නමක්‌ සඳහන් නොවන එම පංචාංග ලිත මුද්‍රණයවී ඇත්තේ එම වතාවේ දී පමනයි.

නමුත් ඈපා අප්පුහාමි නිර්මාණය කළ අදටත් නොකඩවා වසරක්‌ පාසා පළවෙන ඈපා පංචාංග ලිත නිර්මාණව ඇත්තේ 1855 වසරේදීයි. එදා සිට මේ දක්වා ඈපා අප්පුහාමිගේ පරම්පරා පහක දායකත්වයෙන් "ඈපා පංචාංග" ලිත නොකඩවා පළ කර ඇත.

එම පරම්පරා 5 පහතින් දැක්වෙයි.

1. දොන් පිලිප් ඈපා අප්පුහාමි, 
2. දොන් ඩේවිඩ් ද සිල්වා ඈපා අප්පුහාමි
3. දොන් ආබ්රහම් ද සිල්වා ඈපා අප්පුහාමි
4. තිස්ස ඈපා සෙනෙවිරත්න
5. ඉන්දික ඈපා සෙනෙවිරත්න
අද අපට දැකගැනීමට හැකිවන ලිත ඉන්දික ඈපා සෙනවිරත්න මහතා ඇතුළු සිව් කර්තෘ මණ්ඩලයකින් සැකසෙනු ඇත.

ලෝක යුද්ධ කාලේ කඩදාසි හිඟය තියෙද්දී පවා ලිත නොනැවතී පල වූයේ ලිත ආරම්භ කළ නැකත හොඳ වූ නිසයි. ඈපා පරම්පරාවේ නැකත් ශාස්ත්‍රයේ ප්‍රබලතාවය පෙන්වීමට මෙය කදිම නිදසුනක් වෙයි.



No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *