‘ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්’ වෙබ් අඩවිය පවසන්නේ ගෝවා නගරයේ රෙදි පිිළි අලෙවිසැලකදී අදාළ අකටයුත්ත සිදුවී ඇති බවයි. මෙම වෙළෙඳසැලෙහි ඇඳුම් ඇගලා බලන කුටියක් තුළ කැමරාව සවි කර තිබුණා.
එයින් ලැබෙන දර්ශන පරිගණයක ගබඩා වන බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ. අමාත්‍යවරිය විසින්ම මේ බව දැක ඇති අතර, පසුව ඇය විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුව බවයි ‘ඉන්ඩියන් එක්ස්ප‍්‍රස්’ වෙබ් අඩවිය වැඩිදුරටත් පැවසුවේ. ස්මි‍්‍රති ඉරානි ඉන්දියාවේ ජනප‍්‍රිය ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් ද වනවා. ඇතැම් අය පවසන්නේ එරට සිටින සුරූපීම අමාත්‍යවරිය ද ඇය වන බවයි.
No comments:
Post a Comment