නළුවන් රඟපාන්න අකමැති නිල් නිළිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2015

නළුවන් රඟපාන්න අකමැති නිල් නිළිය

‘ඒක් පහේලි ලීලා' යනු බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන බොබි ඛාන් නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටයයි. 

මෙම චිත්‍රපටය සඳහා සහභාගි වන ජනප්‍රිය බොලිවුඩ් නළුවන් කිහිප දෙනෙක්ම එයට සහභාගී වීමට අදිමදී කරමින් සිටිනවා. නමුත් එයට හේතුව මේ සුපිරි නළුවන් කිසිවෙකු ප්‍රකාශ කර නැහැ. 

අධ්‍යක්ෂ බොබි ඛාන්ට නම් මේ අකැමැත්තට හේතුව තේරුම් ගැනීමට නම් අපහසු වී නැහැ. මෙම සුපිරි නළුවන් නොසිතු පරිදි චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන ඇත්තේ සනී ලියොන්වයි. එම නිසා නළුවන් චිත්‍රපටයේ රඟපෑමට අදිමදි කරන බවයි අධ්‍යක්ෂකගේ මතය.

සනී ලියොන් කවුරුන්ද යනු මුළු සිනමා ලොවට ම රහසක් නොවෙයි. අය බොලිවුඩ් සිනමාවට පිවිසෙන්නට පෙර අසභ්‍ය චිත්‍රපටවල රඟපෑ නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටියා.

ඒත් ඇය බොලිවුඩයට පා තැබූ පසුව එවැනි චිත්‍රපටවල රඟන්නට ගියේ නැහැ. නමුත් බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් ඇයව තවමත් ‘අසැබි චිත්‍රපට නිළිය’ නම් ලේබලය අලවා තිබෙනවා. 




No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *