නාමල්ගේ වැඩට ගත් ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, April 6, 2015

නාමල්ගේ වැඩට ගත් ගුවන් සේවිකාවට ලක්ෂ 42ක්!

නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු නිරීක්ෂණය කළ විද්වත් විමර්ශන මණ්ඩලය තම වාර්තාව පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලදී. 

එම වාර්තාව මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව ඩොලර් බිලියන ගණණාවක් දක්වා දිවෙන අති දූෂිත ගනුදෙනු, නීති විරෝධී සේවා කොන්ත්‍රාත්තු, නුසුදුස්සන්ට ලබා දුන් තනතුරු සහ අන්තරාදායක ආරක්ෂක කඩතොලු පිළිබඳ තොරතුරු අනාවරණය කොට තිබේ. 

එම වාර්තාවට අනුව එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමක් මත එක් ගුවන් සේවිකාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය සඳහා අනුයුක්ත කර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබේ.

ඇය විසින් මන්ත්‍රීවරයා වෙනු‍ෙවන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති අතර ගුවන් යානාවක සේවය කළා සේ සලකමින් ඇයට කර ඇති අමතර විශේෂ ගෙවීම රුපියල් ලක්ෂ 42කට අධිකය.

වැඩිපුර ඇයට ගෙවා ඇති මුදල් සම්භාරය ආපසු අය කර ගැනීමටත් මහජන මුදල් අයථා ලෙස පරිහරණයට අනුබල දුන් නිලධාරින්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන ලෙසත් දූෂණ විමර්ශන මණ්ඩලය නිර්දේශ කර ඇත.

මීට අමතරව සභාපති නිශාන්ත වික්‍රමසිංහ විසින් ඔහුගේ හිතවතියක් වූ ගුවන් සේවිකාවක් “ශ්‍රී ලංකන් ගුවන් සේවා සන්නාම තානාපති” ලෙස පත් කරගෙන ඇති අතර, එවැනි තනතුරක් ගුවන් සේවා අනුමත කාර්ය මණ්ඩලයේ නොමැත. 

මෙම යුවළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානාවලින් පමණක් නොව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මුදලින් ලබා ගත් ගුවන් ටිකට් පත්‍ර උපයෝගී කර ගනිමින්, වෙනත් සමාගම්වලට අයත් ගුවන් යානාවලින් ද ලොව පුරා සවාරි ගොස් තිබේ.

ගුවන් සේවිකාවන් ගණනාවක් සමඟ සභාපතිවරයාගේ පවත්වාගෙන ගිය අයථා සබඳකම් නිසා, අනිසි ප්‍රයෝජන ගැනීම් හා දූෂිත කටයුතු අප්‍රමාණ ලෙස සිදුවී ඇති අතර, එමගින් ගුවන් සේවයේ හොඳ නම කැළැල් වී අධික මූල්‍යමය පාඩු ද සිදුව ඇති බව මණ්ඩලය හමුවේ අනාවරණය වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *