සිරිසේන පරදිනවාමයි.. ප‍්‍රශ්ණ තිබුණත් මං යන්නේ නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

සිරිසේන පරදිනවාමයි.. ප‍්‍රශ්ණ තිබුණත් මං යන්නේ නෑ..

තමන් එජපාය හා එක්වන බවට මාධ්‍ය හරහා නොයක් වාර්තා පලවුනද පක්ෂය හැර යන අදහසක් නැතැයි ඇමති  ජීවන් කුමාරතුංග පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ඛටුබැද්ද ජනසෙත කලා කේන්ද්‍රයේ පැවති උත්සවයකදීය.

‘ෆේස්බුක් හරහා නොයෙක් කතා මවනවා එහෙත් මම කිසිදිනෙක පක්ෂය හැර ගොස් පොදු විපක්ෂයට එකතු වන්නේ නෑ.  මොන ප‍්‍රශ්නය ආවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැදී සිටිනවා.

රනිල් වික‍්‍රමසිංහගෙ කාලෙ  රට සංවර්ධනය කළේ නෑ.  අද එයාලා රට ගැන බොරුවට කතා කරනවා.  මේ රටේ දැවැන්ත සංවර්ධනයක් ඇති කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. 

ඒක රටේ ජනතාව හොදින්ම දන්නවා. ඒත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සංවර්ධනය දැන් බලා ඉන්න  බැහැ. ඒ නිසා දැන් එයාලා අපේ ජනධිපතිතුමාට  හා ආණ්ඩුවට මඩ ගහනවා.  තිස් වසරක කුරිරු යුද්ධය අපේ ජනාධිපතිතුමා නිමකළා.  යුද්ධය කාලේ අපිත් ජීවත් වුණේ පුදුම බයකින්.  දැන් පාරේ බැහැල යන්න පුළුවන්. 

ඇතැම්  කුමන්ත‍්‍රණකාරයන්ට  ඕනෑ ආණ්ඩුව ගෙදර යවලා නැවත බලය අරන පිටරට කුමන්ත‍්‍රණකරුවනට අපේ රට පාවා දෙන්නයි.  හැබැයි ඒවා හීන විතරයි.  ජනතාව නැවත මෙරට කුමන්ත‍්‍රණකරුවනට දෙන්න දේශද්‍රෝහීන් බලයට පත් කරන්නේ නෑ.

මේ වන විට එක්සත්  ජාතික පක්ෂය බොරු කතා රට පුර පතුරවනවා. ආණ්ඩුවේ ඇමතිලා මන්ත‍්‍රීලා එයාලගෙ පොදු විපක්ෂයට එනවා කියලා. ඒ වගේ මඩ  පාරක් මටත් ගැහුවා.  ජීවන් කුමාරතුංග කියන්නෙ කළගුණ දන්න මිනිහෙක්.

අනික ඔය මෛත‍්‍රීගේ පොදු  විපක්ෂයට මෙවර ජනාධිපත්වරණයෙන් ලැබෙන්නා අන්ත පරාජයක්.  ජනතාව හැමදාමත් ඉන්නේ අපේ රට බේරාදුන් ජනාධිපතිතුමා සමග’ යැයි එහිදී පවසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *