මහින්ද හදන්නේ දුටුගැමුණුටත් වඩා ලොකු මිනිහෙක් කියා පෙන්වන්න.. අයියෝ බැසිල් මොකද වුණේ..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

මහින්ද හදන්නේ දුටුගැමුණුටත් වඩා ලොකු මිනිහෙක් කියා පෙන්වන්න.. අයියෝ බැසිල් මොකද වුණේ..?

ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් තමනට විරැද්දව කෝටි 50ක පමණ මඩ පෝස්ටර් මුද්‍රණය කර තිබූ බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි

ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමිනි.
වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවසීය.

‘අද මහින්ද  රාජපක්ෂ වෛතුල්‍යවාදය ගෙනැල්ලා විහාර හා දේවාලගම් පනත සංශෝධනය කර කාලිංඝ මාඝවත් කළේ නැති අයුරින් අනුරාධපුරයට ඇවිල්ලා රුවන්වැලි මහා සෑයට වඩා විශාල සෑයක් හදන්න අරන් මම දුටුගැමුණුට  වඩා ලොකු මිනිහෙක් කියලා කියන්න හදනවා.

පසුගිය 23 ඉරිදා ධාතු තැන්පත් කිරීමෙ උත්සවය පටන් ගත්තා.  මොකද වුණේ සතියක් යන්න කලින් මේ රටේ දේශපාලන වෙනසක් වුණා.  ජයග‍්‍රහණය කරනවා  කියපු කෙනා පරාජය වෙන තත්ත්වෙට ඇවිත්.  බ‍්‍රහස්පතින්දා හැන්දෑවේ ජනාධිපති ළගින් වාඩිවෙලා අරලිය ගහ මන්දිරේ හිටපු මෛත‍්‍රීපාල සිරිසේන කිවුවා රනිල් තමයි එන්නේ කියලා. 

ඊට පස්සේ බැසිල් පෙන්නුවා පෝස්ටර් ටික.  සීඞී   පොත් ටික බටලන්ද පින්තූර මට විරුද්ධව එළියට දාපු පෝස්ටර් වල වටිනාකම  කෝටි 50ක්.  තව සීඞී හා පොත් දිහා බැලූවාම කියන්න වෙන්නේ අයියෝ බැසිල් මොකද වුණේ කියලා’

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *