ජනාධිපති උපදේශක හිටපු නැගෙනහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මාර්ග සංවර්ධන අධිකාරියේ මඩකලපුව ප්‍රධාන ඉංජිනේරු ඒ.සී. නිසර්ධින් මහතාට පහරදීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නේ නැතිනම් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් චන්ද්‍රකාන්තන් මහතා හෝ ඔහුගේ අනුගාමිකයින් සහභාගි වන සංවිධානය කරන කිසිදු රැස්වීමකට උත්සවයකට සහභාගි නොවන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කර ඇත.
මඩකලපුව ශික්ෂණ රෝහලේ අපද්‍රව්‍ය ගලායන වතුර පිරි බෝක්කුවකට සැප්තැම්බර් 30 දින තමාව තල්ලු කළ බව ඉන්ජිනේරු ඒ.සී. නිසර්ධින් මහතා මඩකලපුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
එදින තම නිවසේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මඩකලපුව ප්‍රධාන ඉංජිනේරු ඒ.සී. නිසර්ධින් මහතාට දැනුම්දී ඇති බව සඳහන්ය.
නිසර්ධින් මහතා ඊට සහභාගි වූ පසු පිල්ලෙයාන්ගේ නිවස අසල ඇති ඉදිකරමින් පවතින බෝක්කුවක් නිරීක්ෂණය කිරීමට ගොස් තිබේ. එහිදී ඉංජිනේරුවරයා බෝක්කුවට තල්ලුකර දමා ඇති බව පැවැසේ.
සිද්ධිය හිතාමතා ඉතා සැලසුම් සහගතව කරන ලද ක්‍රියාවක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් නිසර්ධින් මහතා මඩකලපුව පොලීසියට පැමිණිලි කර ඇත.
– ලක්බිම
Wednesday, October 15, 2014
පිල්ලෙයාන් RDA ප‍්‍රධාන ඉංජිනේරුවා කුණු කාණුවට තල්ලු කරලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment