විදේශ ආයෝජකයන් ලංකාවෙන් පැන යනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 15, 2014

විදේශ ආයෝජකයන් ලංකාවෙන් පැන යනවා

ශ‍්‍රී ලංකාවට විදේශ ආයෝජකයන් නොපැමිණෙන බවත්, පැමිණ සිටින විදේශ ආයෝජකයන් විශාල ප‍්‍රමාණයක් ඔවුන්ගේ කර්මාන්ත ශාලා වසාදමා වෙනත් රටවල එම කර්මාන්ත ශාලා ආරම්භ කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

‘මීට පෙර අපි නොදැකපු දෙයක් මහනුවර ගැටඹේ ක‍්‍රීඩාංගණයේදී අපි දැක්කා. එම ක‍්‍රීඩාංගණය යතුරුපැදිවලින් පුරවලා තෝරාගත් පිරිසකට යතුරුපැදි බෙදාදීමක් සිදුකරනු ලැබුවා. 

එම යතුරුපැදි මුදලට හෝ නොමිලයේ බෙදාදුන්නා විය හැකියි. ඒ සදහා ජනාධිපතිවරයාත්,අමාත්‍යවරුත් සහභාගී වුණා. ඒ වනවිට මේ රජය ඉදිරි මැතිවරණය දිනන්න මහින්ද චින්තනය හා මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම අලෙවි කරනවා. 

නමුත් මේ වනවිට මහින්ද චින්තනයේ ඉදිරි දැක්මෙනුත්,මහින්ද චින්තනයෙනුත් වැඩක් නැති බව පෙනෙන්නට තිබෙනවා. මේ වනවිට ඉදිරි මැතිවරණ දිනීම සදහා යතුරුපැදි ත‍්‍රිරෝද රථ බෙදාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරමින් භාණ්ඩ දීමේ සංස්කෘතියක් ආරම්භ කර තිබෙනවා. 

මෙයින් පෙන්වනු ලබන්නේ මහින්ද චින්තනයේ අසාර්ථකභාවයයි’ යනුවෙන්ද මහනුවරදී මාධ්‍ය අමතමින් පැවසීය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad