විදේශ ඇමති ධුරය දෙන්නේ නම් තමන් එළැඹෙන ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ වහාම ආණ්ඩුවට එක් වන්නේ යයි එජාප මන්ත‍්‍රී රවී කරුණානායක මහතා විසින් ආණ්ඩුවට කර ඇති යෝජනාව ප‍්‍රතික්‍ෂෙප වී ඇතැයි වාර්තා වෙයි.
පසුගිය මාස කීපයක් පුරා රවී කරුණානායක මහතා ආණ්ඩුවට එකතු වීම ඉලක්ක කරගෙන රහසිගත සාකච්ජා වට ගණනාවක්ම පවත්වා තිබූ අතර එහිදී ඔහුගේ මූලික ඉල්ලීම වී තිබුණේ විදේශ අමාත්‍ය ධූරය ලබාදීමයි.
කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව ඊට දක්වා නොතිබූ නමුත් වෙනත් ප‍්‍රධාන අමාත්‍ය ධූර කීපයක් ලබාදීමට එකගතාවය පළ කර තිබුණි.
ඒවා කිසිවක් කිසිදු වැදගැම්මකට නොමැති ඒවා බැවින් රවී කරුණානායක මහතා ඊට එකගතාවය පළකොට නොමැති බවත් විදේශ අමාත්‍ය ධූරය හෝ එවැනි වැදගත් ඇමතිකමක් ඉල්ලා සිටින බවත් පැවසේ.
lanka C news
Friday, October 24, 2014

රවි ආණ්ඩුවට පනින්න විදේශ ඇමති ධුරය ඉල්ලයි
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment