2015 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැනට 12 වසරේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) ඔක්තෝබර් 26 වන ඉරිදා දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි අදාළ විභාගය එදින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන අතර නාගදීපය (නයිනතිව්) සහ ඩෙල්ෆ්ට් දූපත් ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන 1176කදී පැවැත්වේ. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 236කි.
මේ සඳහා සිසුන් 149,784 දෙනෙකු අයදුම්කර ඇති අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 110,257ක් වේ. දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 27,391ක් ද ඉංග්‍රීසි මාධ්‍ය අයදුම්කරුවන් 12,136ක් ද විභාගයට අයදුම් කර ඇත.
මෙම විභාගයේ සියලු ම ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පසුගිය 07 වන දින තැපැල් මඟින් යවා ඇත. එම ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසලක් හෝ අයදුම්කරුවෙක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784 208 හෝ 0112 784 537 යන දූරකතන අංක වෙත නොපමාව දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
– News.lk
Friday, October 24, 2014

GIT විභාගය ලබන 26
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment