ලෝක ආර්ථිකයන්ට වඩා සාධාරණ වන්නට නම් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90-110 අතර ප‍්‍රමාණයේ තිබිය යුතු බව රුසියානු බලශක්ති අමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් පවසා ඇතැයි වාර්තා වේ.
මොස්කව්හි පැවති ජාතික තෙල් සහ ගෑස් සමුළුව අමතමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ තෙල් මිල මේ සීමාවට වඩා පහත වැටුණහොත් මේ වන විට ක‍්‍රියාත්මක බෙහෝ තෙල් ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමට අසමත් වනු ඇති බවයි.
එමෙන්ම තෙල් මිල ඉහළ යාම විසින් බොහෝ ව්‍යාපෘති ලාභ ඉපැයිය හැකි තත්වයට පැමිණියද යළි තෙල් මිල හේතුවෙන් අවදානමක් හටගන්නා බව ඔහුගේ අදහසයි.
තවමත් ඛනිජ තෙල් මිල ඉහළයාමට පටන්ගෙන ගතවූයේ සතියක් පමණක් වන හෙයින් වත්මන් තෙල් මිල හා ඉදිරි ප‍්‍රවණතා පිළිබඳ අනාවැකි කීම සඳහා දිගු කාලීන විශ්ලේෂණයක් අවශ්‍ය බව නොවැක් පවසා තිබේ.
ලොව පුරා ආර්ථික වර්ධන වේගයන් වල කඩාවැටීම තෙල් මිල පහත වැටීම කෙරෙහිද බලපා ඇති අතර ඉදිරි වසරේදී යුරෝපා, ආසියා-පැසිපික් සහ ඇමරිකාව යන කලාපවල ආර්ථික හැසිරීම තීරණාත්මක ලෙස බලපානු ඇති බවද රුසියානු බලශක්ති අමාත්‍යවරයා පවසා ඇත.
පසුගිය මාස කිහිපය තුළදී ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 20%කින් පහත වැටුණු අතර බ්‍රෙන්ට් මිල වසර 4කින් වාර්තා වූ අඩුම අගය වන ඩොලර් 84.99ක් වාර්තා කරන ලදී.
කෙසේවෙතත් රුසියානු රූබලය අවප‍්‍රමාණය වීම මගින් තෙල් මිල පහළ වැටීමෙන් වන හානිය අවම වී ඇතැයි පැවසේ.
Friday, October 24, 2014

ඩොලර් 90-110 අතර තෙල් මිලක් සාධාරණයි
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment