කොලොන්න නුදුන්නැයි අමනාපයෙන් මන්ත‍්‍රී ජාගොඩ එජාපයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

කොලොන්න නුදුන්නැයි අමනාපයෙන් මන්ත‍්‍රී ජාගොඩ එජාපයට

ජනාධිපතිවරණය කැඳවූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ සම්බන්ධයෙන් වන සාකච්චා සංගප්පූරුවේදී පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

සන්ධානයේ කොලොන්න ආසන සංවිධායන ධුරය ජාගොඩ මහතා විසින් ඉල්ලා ඇති අතර එය ප්‍රතික්ෂේප වීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇතැයිද වාර්තා වෙයි. 

අචල ජාගොඩ මහතා මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ පත්කළ මන්ත්‍රීවරයකු ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad