ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ආසන්නයේ මුහුද යට විදෙස් හමුදා ක‍්‍රියාකාරීත්වයක් පිළිබඳ සැක පහළ වීම සමග ස්වීඩන හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ස්ටොක්හෝම් කොදෙව් රැස ප‍්‍රදේශයේ ආරම්භ කර ඇති මෙම මෙහෙයුම තමන් සෑහීමකට පත්වන මොහොත දක්වා සිදුකරන බව ස්වීඩන හමුදාවේ මාධ්‍ය ප‍්‍රකාශක ජෙස්පර් ටෙන්ග්‍රෝත් පවසා තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා මෙවැන්නක් සිදුවන බවට ලැබුණු පුවත සත්‍යයක්දැයි සොයා බැලීමට ස්වීඩන ආරක්‍ෂක අංශ විසින් උත්සහ දරමින් ඇති බව ඔහුගේ අදහසයි.
සෝදිසි මෙහෙයුමෙන් යම් කිසි තොරතුරක් හමුවූයේද යන්න පිලිබඳව ටෙන්ග්‍රෝත් විසින් හෙලි කර නොමැති අතර වගකිව යුතු විදෙස් රාජ්‍යය හෝ එය විසින් ගෙන එන තර්ජනයේ දිග පළල හෝ හෙළි කිරීමෙන්ද ඔහු වැළකී තිබේ.
ආරක්‍ෂක ඇමති පීටර් හල්ට්ක්විස්ට් පවසා ඇත්තේ මෙම මෙහෙයුම සඳහා සහභාගී වී සිටින 200කට ආසන්න ස්වීඩන භටයන් අත්‍යවශ්‍ය කටයුත්තක නිරතව සිටින බව තමන් විශ්වාස කරන බවයි.
මේ වන විට ස්ටොක්හෝම් කොදෙව් ප‍්‍රදේශය ස්වීඩන ගුවන් යානා, නෞකා විසින් පරීක්‍ෂාවට ලක්කරමින් ඇති අතර එය ජනාකීර්ණ ප‍්‍රදේශයක් වීම මෙම මෙහෙයුම පිළිබඳ කරුණු අනාවරණය කරන්නට සිදුවූ හේතුව බව සෝදිසි මෙහෙයුමේ අණදෙන නිලධාරී ජොනාස් වික්ස්ට්‍රෝම් පවසා තිබේ.
මින් මසකට පෙර සිය ගුවන් සීමා උල්ලංඝනය කළ බවට ස්වීඩනය විසින් රුසියාවට චෝදනා කරනු ලැබිණි.
Friday, October 24, 2014

ස්වීඩන අගනුවර අසල මුහුද යට විදෙස් හමුදා ක‍්‍රියාකාරීත්වයක් ගැන සැකයක්
Tags
# එතෙර පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment