‘මීයා අල්ලගන්න බැරි උනාම කරවල, මාලු බැරිනම් කේක්, චීස් හරි තියනව මී කතූරට. ඒ වගේ තමයි ජාත්‍යන්තරය බලන් ඉන්නෙ අපිට චීස් දීල හරි අල්ලගන්න’ යයි රාවණා බගය සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජන් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින්ම් අදහස් පල කලේය.
උන් වහන්සේ එහිදී මෙසේද කීහ.
මේ වෙනකොට අපේ රටට එක එක වර්ගෙ අය එනවා. යනවා. මොකද මේ. මීයා අල්ලගන්න බැරි උනාම කරවල, මාලු බැරිනම් කේක් චීස් හරි තියනව මී කතූරට. ඒ වගේ තමයි ජාත්‍යන්තරය බලන් ඉන්නෙ අපිට චීස් දීල හරි අල්ලගන්න. දැන් මේ කවුද පෝෂෙ කෙනෙක් ඇවිල්ල. උන්ද උපජනාධිපති කෙනෙක් ලු. ඇයි දෙයියනේ උන්දැගෙ රටේ ප්‍රශ්න ඉවරවෙලාද මෙහෙ ඇවිල්ල තියෙන්නෙ. අපේ රටේ කිසි ප්‍රශ්නයක් නෑ. මේ හොඳට රට තියෙනව. හැබැයි ප්‍රශ්නයක් හදන්න ඕන මේ ජාත්‍යන්තරයට. උන්දැ ඇවිත් මුණගැහුනේ දෙමල අන්තවාදීන්. මොනවටද මේ. අපි අහනව ආණ්ඩුවෙන්. මොකටද මේ පොෂෙ ට එන්න දුන්නෙ..ඒක රාජතාන්ත්‍රික කාර්යයක් නම් කමක් නැහැ. ඒත් අපිට ප්‍රශ්න විසඳන්න නම් එන්න එපා. අපි ඒවට නම් ඉඩ දෙන්නෙ නෑ. අපේ රටේ ප්‍රශ්න විසඳන්න අපිට පුලුවන්. දෙමල ඩයස්පෝරාව තවම උත්සාහ ගන්නව එක එක විදියෙන් රටට එරෙහි කූමන්ත්‍රණ කරන්න. අපි අවදියෙන්. අන්තවාදීන්ට මේ රටේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්නෙ නෑ…
දෙමල මුස්ලිම් සියලුම ජාතීන්ට සමගියෙන් ජීවත් වෙන්න පුලුවන් අපිත් එක්ක. හැබැයි සෙල්ලම් බැ. තූඹස හදන්නෙ වේය උනාට ඒක අයිති කරගන්න එක එක නරි එනව. කබරයො, නයි, ගැරඩියො ඇවිත් ඒක අයිති කරගන්න හැදුවට තූඹස හැදුවෙ වේය. මතක තියාගන්න මේ රටට අනවශ්‍ය ඇඟිලි ගහන්න එන්න එපා. ඒක අන්තවාදීන්ටත් එකයි. ජාත්‍යන්තර හෙංචයියන්ටත් එකයි.
බලන්න දර්ගා නගරයෙ ඇති වුන සිද්ධිය. ඒක ගැන විවිධ මත පලවුනා. ඒත් ඇත්තම තත්ත්වය දැන් කවුරුත් දන්නව. හැබැයි ඇත්තම තත්ත්වය දැනගන්නකොට ජාත්‍යන්තරය අපේ රට ගැන බොරු මතයක් හදල ඉවරයි. මොකක්ද මේ සැලසුම කියල අපි දන්නව. අපි වගකීමෙන් කියනව ඔය හැම තානාපති කාර්යාලයකටම. අපේ රටට අනවශ්‍ය ඇඟිලි ගහන්න එන්න එපා. කරදර වෙයි. අලුත්ගම සිද්ධියට රහස් පොලිසියට අරන් ගියේ බොදු බල හාමුදුරුවොයි, අපේ ගායකයෙකූයි විතරයි. ඇයි අන්තවාදී ප්‍රකාශ කරන සාලි, මුජිබර් අරන් ගියේ නැත්තෙ. මේ රටේ නීතිය අන්තවාදීන්ට නැද්ද ක්‍රියාත්මක වෙන්නෙ.
සැබෑ අන්තවාදය හඳුනාගන්න වහාම ක්‍රියාමාර්ග ගන්න කියල අපි ආණ්ඩුවට බලකරනව. ඒ වගේම මුස්ලිම් අන්තවාදය මේ රටේ ජාතික සමගිය විනාශ කරනාන උත්සාහ ගන්නව. ඒක වහාම නැති කරගන්න ඕන. මේ අන්තවාදීන් බටහිර රටවල මුදලට මෙහෙ කූලියට නටන උදවිය. අපේ රටේ සියලුම ජාතීන් සමගියෙන් ජීවත් වුනා. ඒක නැතිකරන්න ඉඩ දෙන්නෙ නැ අපි.
අද බුද්ධශාසන අමාත්‍යංශය බීරි අලියෙක් වෙලා. මොකටද නුවර කාර් රේස් නවත්තන බැරි ඇමතිකමක්. අපේ නායක හමුදුරුවරු මොනතරම්් විරුද්ධ උනත් අමාත්‍යංශය මොකද කලේ. ඇයි බීරිද ? හැම ආගමකටම දෙපාර්තූමේන්තූ තියෙනව. මොනවද මේවයින් කරන්නෙ. ව්‍යවස්ථාවෙ තියෙනව නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි විය යුතූයි කියල ඇයි අමාත්‍යාංශය ක්‍රියාත්මක නොවෙන්නෙ. ඇත්තටම බුද්ධශාසන අමාත්‍යංශය පන්සල් වලට මොනවද කරල තියෙන්නෙ. අපි කැමතියි දැනගන්න. පුලුවන් නම් කියන්න. ඕන ආගමකටම පුලුවන් තමන්ගෙ අයිතිවාසිකම් රැක ගන්න. ඒකට අපිට කමක් නැහැ. හැබැයි අනිත් අයට ඒක වාතයක් වෙන්න දෙන්න එපා කියල අපි ඔය කාටත් අනතූරු අඟවනව.
ජනතාවගෙ මුදලින් නඩත්තූ වෙන රට වෙනුවෙන් වැඩක් නොකරන බුද්ධශාසන අමාත්‍යාංශයේ මේ බීරි අලි ඉවත් කරන්න කියල අපි ආණ්ඩුවෙන් ඉල්ලනව. අපිට ඕන ක්‍රියාකාරී අමාත්‍යවරයෙක්. පඹයෙක් නෙමෙයි. මොකක්ද මේ කරන්නෙ. හැම දෙයක්ම කියන්න අපි පාරට බහින්නම ඕනද ?
කඩිනමින් මේ අන්තවාදීන්ට වැට බදින්න නීතිය ක්‍රියාත්මක කරන්න. මේව ගැන සමාජයෙ සාකච්ඡාවක් ඕන. උගතූන් විද්වතූන්ගෙන් අදහස් අරගෙන, නීති නැත්නම් කඩිනමින් නීති හදන්න. බුද්ධශාසන අමාත්‍යාංශයට බැහැ මේව කරන්න. අපි අත්දැකීමෙන් දන්නව.
අවසාන වශයෙන් අපි දැනුම්දෙනව අනවශ්‍ය ආගමික ගැටුම් නිර්මාණය කරන්න නම් හිතන්න එපා මේ රටේ. අන්තවාදීන්ට අපි කියනව. බටහිර හෙංචයියන්ට අපි කියනව. මේක ශී්‍ර ලංකාව. රටට එරෙහිවන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අපි ඉන්නව.
ඒ වගේම බුද්ධශාසන අමාත්‍යංශයට නිවැරදි නායකත්වයක් කඩිනමින් ලබා දෙන්න කියල අපි ජනාධිපතිතූමාගෙන් ඉල්ලා සිටිනව.
lanka C news
No comments:
Post a Comment