ගම්පහ මිනිසුන් මෝඩයින් නොවේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.
ඇය මෙසේ පවසන්නේ යුරෝපා සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගම්පහ ජනයා පබා වැනි නිළියක් පාර්ලිමේන්තුවට යැවීමට තරම් මෝඩ ජනතාවක් වු බවට පල වූ වාර්තා ගැන කල විමසීමකදී ඇය අදහස් පල කරන්නේ මෙසේය.
‘ඕක විවේචනය කරන පුද්ගලයන්ගේ තියෙන මෝඩකම . දැන් බලන්න මට අසූ හතර දහසක් ඡන්දය දුන්නා. ඒ හැමෝම මෝඩයි කියන්න කාටද අයිතිය තියෙන්නේ. එහෙම ජනතාව මෝඩයි කියන්න කාටවත් අයිතියක් නැහැ. ගම්පහ ලක්ෂ 15ට ම මම වැඩක් කලා කියන්නේ නැහැ. නමුත් මගේ සීමාවේ මම යම් දෙයක් සිදු කර තියෙනවා. දෙවියන්ටවත් විසඳන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒකයි යථාර්තය. එහෙම ඒවා මට විසඳන්න බැහැ. පුළුවන් දේවල් ගම්පහ ජනතාව වෙනුවෙන් මම කරනවා. එම නිසා ගමට ඇවිත් මම කරපු දේවල් ගැන දැනගෙන මම ගැන හොදට දැනගෙන විවේචනය කරන්න කියා එහෙම විවේචනය කරන අයගෙන් ඉල්ලා සිටිනවා. මම ගැන හරි හැටි දන්නේ නැති අයයි එහෙම විවේචන සිදු කරන්නේ. මම එය වගකීමෙන් ප්‍රකාශ කරනවා’
lanka C news
No comments:
Post a Comment