උතුරු අයර්ලන්තයේ කූ ක්ලක්ස් ක්ලෑන් ධජ එසවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 11, 2014

උතුරු අයර්ලන්තයේ කූ ක්ලක්ස් ක්ලෑන් ධජ එසවේ

http://ift.tt/eA8V8J

උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර වීදියක කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ ධජයක් ඔසවා තිබෙනු දුටු ජනතාව ඒ පිළිබඳව දැඩි කෝපයට පත්ව ඇතැයි වාර්තා වේ.

නිව්  ඕඩර් නයිට්ස් ලෙස නම් කර ඇති නිල් පැහැති ධජයේ යටින් කූ ක්ලක්ස් ක්ලෑන් ලෙස සටහන් කර තිබේ.

උතුරු අයර්ලන්තයේ සන්ධාන පක්ෂයේ නයෝමි ලෝන්ග් පවසා ඇත්තේ වෛරී කණ්ඩායමක ධජ භාවිතා කිරීම අප‍්‍රසන්න කි‍්‍රයාවක් බවයි.

මෙමගින් උතුරු අයර්ලන්තයේ උත්සන්නවී ඇති ජාතිවාදී ගැටුම් වර්ධනය කිරීමේ බලපෑමක් තිබිය හැකි බව ඇයගේ අදහසයි.

ජාතිවාදී, වර්ගවාදී ක‍්‍රියාවන් වල යෙදෙන්නන්ට විරුද්ධව පෙරමුණ ගැනීම නිවැරදි ලෙස සිතන සැමගේ වගකීමක් බවද ලෝන්ග් පවසා තිබේ.

උතුරු අයර්ලන්තයේ සියලූ පක්ෂ සහ දේශපාලඥයින් ජාතිවාදී සංවිධාන වල ධජ භාවිතයට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත යුතු බවද ඇය යෝජනා කර ඇත.

උතුරු අයර්ලන්තයේ වාර්ෂික මානව හිමිකම් හා ජාතික සමානාත්මතාවය පිළිබඳ වාර්තාවට අනුව 2013-2014 වසර තුළ ජාතිවාදී ගැටුම් 982ක් වාර්තා වී තිබේ.

එය 2012-2013 වසරේ වාර්තාවූ සිදුවීම් 750ට සාපේක්ෂව ශීඝ‍්‍ර වර්ධනයකි.

එසේ වුවද පසුගිය වසර 5 තුළදී නීතිය ක‍්‍රියාත්මක කර ඇත්තේ එවැනි සිදුවීම් වලට සහභාගි වූවන්ගෙන් 12කුට පමණක් වීමද විශේෂත්වයකි.

උතුරු අයර්ලන්ත පොලිස් සේවය පවසන්නේ සාහසික සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අල්ස්ටර් ස්වේච්ඡුා බලකාය මෙම ප‍්‍රහාරයන් පසුපස සිටින බවයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *