දුම්කොල සමාගමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 11, 2014

දුම්කොල සමාගමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් දෙයි

http://ift.tt/eA8V8J

ලබන 2015 වසරේ ජනවාරී පළමුවැනිදා සිට දුම්වැටි ඇසුරුම්නල 60%ක් අවවාදාත්මක රූපමය දැන්වීම් තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ලංකා දුම්කොළ සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

රූපමය අවවාදය පළකිරීමට එරෙහිව දුම්කොල සමාගම විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

අභියාචානාධිකරණය විසින් පසුගිය මැයි මස 12දා ලබා දුන් දුම්වැටි ඇසුරුම්වල සියයට 50-60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කරන ලෙස ලබා දුන් තීන්දුවට එරෙහිව දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙම මූලික ‍අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *