ඩිපෝ 104 කින් 80% කම සේවය කරන සේවකයන්ට ගෙවී ගිය මාස දෙකක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, ගම්පහ ඩිපෝවේ සේවකයන්ට මාස හතරක සම්පූර්ණ වැටුප ලැබී නොමැති බවත්, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය සදහන් කරයි.
35,000 කට ආසන්න ලංගම සේවකයන් ප‍්‍රමාණයකට මාසික වැටුප් ලබාදීම සදහා රුපියල් මිලියන 1351 ක් අවශ්‍ය බවත්, එම මුදල නිසියාකාරව ලබානොදීම නිසා මෙම ගැටලූව ඇති වී තිබෙන බවත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සදහන් කළේය.
ලංගම සේවකයන්ට මාසිකව ලැබෙන්නේ මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙන රුපියල් 12,800 ක මුදල පමණක් බවත්, වැටුප රුපියල් 25,000 ක් වන සේවකයාට මේ අනුව රුපියල් 12,200 ක හිගයක් ඇති වන බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙම හි`ග මුදල ඩිපෝ මගින් ලබාදිය යුතු බවට නියෝගයක් පනවා තිබෙන බවත්, එහෙත් එම මුදල් නිසියාකාරව ලබාදීමට බහුතරයක් ඩිපෝ කටයුතු නොකරන බවත් ඒ මහතා සදහන් කළේය.
lanka C news
No comments:
Post a Comment