ලක්ෂපාන දිය ඇල්ලට ඉහළින් මස්කෙළි ඔයේ ඉදි කෙරෙන කුඩා ජල විදු ලි බලාගාරය හේතුවෙන් ලක්ෂපාන දිය ඇල්ලත්, කදුකර පරිසර පද්ධතියත් විනාශ මුඛයට යන බව ඕස්ටේ‍්‍රලියාවේ බඩර් අප් පරිසර සංවිධානයේ සභාපති පරිසර විද්‍යාඥ පැට්‍්‍රක් කික්බි මෙරට බලධාරීන් වෙත ලිපියක් එවමින් ප‍්‍රකාශ කර ඇත.
තමන් මීට පෙර විදුලි බලාගාරය ඉදි වන ප‍්‍රදේශයේ පර්යේෂණවල නියැලී සිටි බවත්, බලාගාරයේ ඉදි කිරීම් හානි කර බව එහි ගිය අවස්ථාවේ පෙනී ගිය බවත් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙත ලිපියක් යවමින් පැට්‍්‍රක් කික්බි මහතා දන්වා ඇත.
බලාගාරයේ ඉදි කිරීම් වලදී සිදු කරන පිපිරවීම් හේතුවෙන් දැනටමත් දිය ඇල්ල දෙපස ඉවුරු හා මස් කෙළි ඔයේ ඉවුරු කඩා වැටී ඇතැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.
මෙම ඉදි කිරීම් නිසා පරිසර හානියක් සිදු වන බවත්, ලක්ෂපාන දිය ඇල්ලේ සුන්දරත්වය විනාශ වන බවත් එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.
මස් කෙළි ඔය හරහා දැනට ඉදි වන අමුණින් අලූතින් ඉදි කරන කොන්ක‍්‍රීට් ඇළකට ජලය හැරවීමට සියල්ල සූදානම් කර ඇතැයි කී කාරියවසම් මහතා, ගඟ වියළීම හා වෙනස් වීමක් මෙයින් සිදු විය හැකි බවත්, ජලය ආශ‍්‍රිතව ජීවත් වන සතුන්ට එයින් බලපෑම් ඇති විය හැකි බවත් ප‍්‍රකාශ කළේය.
lanka C news
No comments:
Post a Comment