රට තුල බමුණු කුලයක් හදන්න හදනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 27, 2014

රට තුල බමුණු කුලයක් හදන්න හදනවා

http://ift.tt/eA8V8J

දැනට පවතින රාජ්‍ය සේවක වැටුප් අනුපාතය වන එකට තුනයි දශම අටක ප‍්‍රමාණය එකට දහයක්, දොළහක් වශයෙන් දීර්ඝ කර රටේ යම් කිසි කණ්ඩායමක් බමුණු කුලයේ පිරිසක් කිරීමට මෙවර අයවැය තුළින් සැලසුම් කර තිබෙන බව රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.

එම සංගමයේ කැ`දවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා කොළඹදී මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියේය.

රට තුළ බමුණු කුල නිර්මාණය කිරීමට පෙර රාජ්‍ය සේවයේ අවසන් අඩියේ සිටින සේවකයාට ජීවත්වීමට හැකි වැටුපක් ඇති කළ යුතු බවත් දැනට පවතින වැටුප් ක‍්‍රමය අනුව රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් 11730 ක් බවත් උපරිම වැටුප රුපියල් 48,000ක් බවද ඔහු පවසා සිටියේය.

මෙම වැටුප් පරිමාණය අනුව එය අනුපාතයක් ලෙස 1:3.88 ක් බවත් මේ නිසා රාජ්‍ය සේවකයාගේ අවම මූලික වැටුප රුපියල් දස දහසකින් ඉහළ දමා ඊට සාපේක්ෂව වැටුප් සකස් කළ යුතු බවද සමන් රත්නප‍්‍රිය මහතා සදහන් කළේය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *