ඇමරිකානු නිලධාරීන්ටත් අගනුවර අමතක වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 27, 2014

ඇමරිකානු නිලධාරීන්ටත් අගනුවර අමතක වේ

http://ift.tt/eA8V8J

ඇමරිකානු ප‍්‍රවාහන ආරක්ෂණ පාලක මණ්ඩලයේ නිලධාරීන්ට වොෂින්ටන් අගනුවර අමතක වීමෙන් එහි පදිංචිකරුවන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව පැවසේ.

පසුගියදා කොක්ස් පුවත්සේවයේ ජස්ටින් ගේ‍්‍ර නම් මාධ්‍යවේදියකු  ඕර්ලන්ඩෝ ගුවන්තොටුපළෙන් පියාසර කිරීමට සූදානම්වූ අවස්ථාවේදී ඔහුගේ අනන්‍යතාව තහුවරු කිරීම සඳහා කොළොම්බියා දිස්ත‍්‍රික්කය ලෙස සඳහන් කර ඇති රියදුරු බලපත‍්‍රය ප‍්‍රවාහන ආරක්ෂණ නිලධාරියෙකු වෙත ලබාදී තිබේ.

එය පරීක්ෂා කිරීමෙන් පසු නිලධාරියා ගේ‍්‍ර ගෙන් ඉල්ලා ඇත්තේ ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය ලබාදෙන ලෙසයි.

කෙසේවෙතත් සිය රට තුල ගමන් කිරීම සඳහා විදේශ ගමන් බලපත‍්‍රයක් අවශ්‍ය නොවන හෙයින් එය ජස්ටින් ගේ‍්‍ර සතුව තිබී නොමැත.

කොළොම්බියා දිස්ත‍්‍රික්කය යනු වොෂින්ටන් ඞී.සී යන්න බව අමතක වී ඇති ආරක්ෂක නිලධාරියා ජස්ටින්ව රඳවා ගෙන ඇති නමුදු පසුව ප‍්‍රවාහන ආරක්ෂණ පාලක මණ්ඩලයේ ප‍්‍රකාශකයකු ඇමතීමෙන් අනතුරුව ඔහු නිදහස් කර තිබේ.

ප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ ඇමරිකානු අගනුවර නම සඳහන් කරමින් ව්‍යාජ ලේඛන සැකසෙන නිසා නිලධාරියා ඒ පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නට ඇති බවයි.

පෙබරවාරි මසදී ෆීනික්ස් නගරයේ ප‍්‍රවාහන ආරක්ෂණ නිලධාරියෙකුද කොළොම්බියා දිස්ත‍්‍රික්කයේ පදිංචිකාරියක වන ඇෂ්ලි බ‍්‍රැන්ඞ්ගේ රියදුරු බලපත‍්‍රයක් පරීක්ෂා කිරීමෙන් පසුව ඇමරිකානු ගමන් බලපත‍්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *