මෛත්‍රී වෙඩිල්ල පත්තු කරයි - ෆේස්‌බුක්‌ ප්‍රධානීහු ලංකාවට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 14, 2018

මෛත්‍රී වෙඩිල්ල පත්තු කරයි - ෆේස්‌බුක්‌ ප්‍රධානීහු ලංකාවට.


ජංගම දුරකථන, පරිගණකය, අන්තර් ජාලය, සමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සදහා බවත්, එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුව ද අවාසනාවකට ශී‍්‍ර ලංකාවේ ඇතැම් දෙනා මෙම සම්පත් භාවිතා කරන්නේ රට විනාශ කිරීමට බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

එසේ අවධාරණය කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබද නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හදුන්වාදීමට අපේක්ෂා කරන බවය.

ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා ඇත්තේ 13 පස්වරුවේ ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වුණු ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර හමුවක් අමතමින්ය.

ජාතික සමගිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත්, සමාජ යහපත වෙනුවෙන් වන ප‍්‍රවාහයකට ඉඩ දුන්න ද සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක‍්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

'ෆේස්‌බුක්‌' ප්‍රධානීහු ලංකාවට

දැනට අක්‍රීය කර ඇති සමාජ මාධ්‍ය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට එම මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් රැසක්‌ මෙරටට පැමිණීමට නියමිතය.

එහිදී වෛරය පතුරුවන ප්‍රකාශ අක්‍රීය කිරීම සඳහා සාකච්ඡාවකට ලක්‌ කෙරේ.

සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්වන අවමන්සහගත ප්‍රකාශ සහ වෛරය උපදවන ප්‍රකාශ ඉවත් කිරීම සඳහා ෆේස්‌බුක්‌ සමාගම යටතේ අවශ්‍ය තාක්‍ෂණික ශිල්පය ප්‍රමාණවත් ලෙස නැතැයි හෙළිවී ඇත.

එහෙත් ෆේස්‌ බුක්‌ බලධාරීන් ශ්‍රී ලංකාවට සහාය වීමට එකඟ වී තිබේ.

දැනට ඉරානය චීනය ඇතුළු රටවල් රැසක නවීන තාක්‍ෂණය යටතේ වෛරය උපදවන හා ආණ්ඩු විරෝධී ප්‍රකාශ ඉවත් කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad