ඇමෙරිකාවට බැරි වූ දේ ලංකාව කරයි.. එහෙ ඉන්නේ මාර බඩු ටිකක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 14, 2018

ඇමෙරිකාවට බැරි වූ දේ ලංකාව කරයි.. එහෙ ඉන්නේ මාර බඩු ටිකක්..

මහනුවර ඇති වූ සිදුවීම් දාමයත් සමඟ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම්, වට්ස්අප්, වයිබර් යන සමාජ මාධ්‍ය සහ පණිවිඩ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම අවහිර කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු විය.
එපමණක් නොව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ ප්‍රචාරණය හා ප්‍රසිද්ධියට පත්වීම සම්බන්ධයෙන් ද බොහෝ අදහස් පළ වී තිබිණි. මේ සම්බන්ධයෙන් ලිපියක් ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.එන්.බී.සී පුවත් සේවයේ පළ වී තිබිණි.

එම ලිපියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය සමාගම එවන ලිපියක් ද පළ වී තිබිණි. ‘ඇමෙරිකාවට බැරි වූ දේ ශ්‍රී ලංකාව කරයි. වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රවෘත්ති නිසා ෆේස්බුක් පේනුව ගලවා දමයි’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ වී තිබිණි.
එම ලිපියේ සාරාංශ පරිවර්තනයක් මෙහි දැක්වේ.
“ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පෙරණ සහ තෝරා බේරාගැනීමේ පද්ධතිය ප්‍රමාණවත් නැතැයි කියන රටවල් ගොන්නට තවත් රටක් එකතු වී තිබේ. අන්තර්ජාල අන්තර්ගතය වෛරී හා ප්‍රචණ්ඩකාරී බව පවසමින් ශ්‍රී ලංකාව පසුගිය සතියේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සහ පණිවිඩ සේවා තහනම් කිරීමට කටයුතු කළේය.
අන්තර්ජාල සේවා සපයන්නන්ට ඉන්සටග්‍රම්, වට්ස්අප් සහ ෆේස්බුක් යන සමාජ හා පණිවුඩ මාධ්‍යවලට ප්‍රවේශවීම තහනම් කිරීම මගින් රටේ මුස්ලිම් ජනතාවට එල්ල කරන ලද ප්‍රහාරවලට හේතු වූ වූ වෛරී ප්‍රකාශ හා අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීම ආණ්ඩුවේ අරමුණ විය.
ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබුවේ වෛරී හා අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීමට වැළැක්වීමට ආණ්ඩුවක් කිසිවක් නොකළ බවට වසර ගණනක් තිස්සේ එල්ල වූ විවේචනවලින් පසුවය.
ශ්‍රී ලංකා රජය ගත් මෙම තීරණය ෆේස්බුක් සමාජ මාධ්‍යවල තිබෙන අනතුරුදායක හානිදායක අන්තර්ගතවලින් තොරවීම කොතරම් දුෂ්කර ද යන්න පෙන්නුම් කරයි. ෆේස්බුක්හි නිවහන ඇමෙරිකාවට ද ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු, වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වීම නවතාලීම දුෂ්කර වී තිබේ.
වහා සිදුවීමට නියමිත ප්‍රචණ්ඩකාරී සිදුවීමකට හේතුවන්නක් හැරෙන්නට ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑම ආකාරයකම ප්‍රකාශන ආරක්ෂා කිරීම හා භාෂණයේ අයිතිය සුරක්ෂිත කිරීම එලෙස වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රකාශ ව්‍යාප්ත වීම පාලනය දුෂ්කර වී තිබේ.

සී.එන්.බී.සි පුවත් සේවයට මේ කරුණු සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විද්‍යුත් තැපෑල ඔස්සේ නිවේදනයක් එවා තිබිණි.
එහි මෙසේ දැක්වේ.
“වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ සමාගම සතුව පැහැදිලි රෙගුලාසි තිබෙනවා. එහෙත් එම රෙගුලාසි නොතකා දිගින් දිගටම අපේ ෆේස්බුක් වේදිකාව ප්‍රචණ්ඩත්වය වැපිරීම සඳහා යොදාගෙන තිබෙනවා.
එවැනි වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දෙන කරුණු, ප්‍රකාශ ඉවත් කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජයට සහ රාජ්‍ය නොවන සංවිධාන හා ආයතනවලට සහාය දක්වනවා”
හර්ෂණ තුෂාර සිල්වා
සී.එන්.බී.සී ඇසුරිනි
– lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad