රටම කතා කරන ක්‍රිකට් ක්‍රීඩකයාගේ අනියම් ඇසුර ගැන බිරිඳගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 14, 2018

රටම කතා කරන ක්‍රිකට් ක්‍රීඩකයාගේ අනියම් ඇසුර ගැන බිරිඳගෙන් හෙළිදරව්වක්


තමාව ඝාතනය කිරීමට උත්සහ කළ බව පවසමින් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමිගේ බිරිඳ විසින් එරට පොලිසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.
මොහොමඩ් ෂාමිට එක් දියණියක්ද සිටින අතර මෙම පවුල් ප්‍රශ්නය මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ ද කතාබහට ලක්වනවා.  
මේ සියලු තොරතුරු එළියට පැමිණ තිබෙන්නේ මීට ටික දිනකට පෙර මොහොමඩ් ෂාමිට අනියම් සම්බන්ධයක් ඇති බව කියමින් ඔහුගේ බිරිඳ සමාජජාලා වෙත මුදාහැරිය ඡායාරූපයක් මුල් කරමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම අනියම් ඇසුර පවත්වන කාන්තාවක සමග යෙදුනු කෙටි පණිවුඩ සංවාදයක්ද ඔහුගේ බිරිඳ සමාජමාධ්‍ය වෙත එක්කර තිබෙනවා.
මෙම පවුලේ ප්‍රශ්නය මත මොහොමඩ් ෂාමි තමාට පහරදීමට ඔහු උත්සාහ කරන බවත් ෂාමිගේ පවුලේ උදවිය තමන්ට නිදිපෙති බොහෝ ලබාදීමෙන් තමාව ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් සඳහන්.
ෂාමිගේ සහෝදරයෙකු තමාව දුෂණය කිරීමට උත්සාහ කළ බවද ඇය විසින් පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad