සිසුවියකට සුළු වැරදි කළ පාසල් බස් රථ රියදුරාට වැඩ වැරදුන හැටි මෙන්න.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 14, 2018

සිසුවියකට සුළු වැරදි කළ පාසල් බස් රථ රියදුරාට වැඩ වැරදුන හැටි මෙන්න....


පාසල් ප්‍රවාහන සේවයක හිමිකරු ලෙස වැඩ කළ විවාහක පුද්ගලයෙකු වයස අවුරුදු 15 ක් වු පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන පසුව ඇය සමඟ කටුනායක ප්‍රදේශයේ ඥාති ගෙදරක රැදී සිටිය දී අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

සිවිල් ආරක්ෂක අංශයේ සේවය කරන වයස අවුරුදු 37ක් වු මෙම පුද්ගලයා රැකියාවේ නිවාඩු දිනයන්හි ඔහුගේ පාසල් බස් රථයේ රියදුරු ලෙස කටයුතු කරනු ලබන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා විනෝදාංශයක් වශයෙන් පාසල් සිසුවියන් සමඟ ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්නා අතර මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි වයස අවුරුදු 15යි මාස 7ක නොච්චියාගම ප්‍රදේශයේ පාසල් දැරියක් සමඟ මෙලෙස සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ.

අදාළ පාසල් සිසුවිය පාසල් නොපැමිණෙන දිනවලදී බස් රථ රියදුරා සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගැනීම සඳහා ඇයගේ මවගේ දුරකථනය භාවිතා කර ඇත.

දුරකථනයෙන් ඇමතුම් ලබා නොගෙන රියදුරා සමඟ කෙටි පණිවිඩ යවමින් හමුවන ස්ථානයන් පිළිබඳ හා තොරතුරු මෙම පාසල් සිසුවිය විසින් හුවමාරු කර ගෙන තිබේ.

අදාළ පුද්ගලයා පෙරේදා(12) රාත්‍රී 10.30ට පමණ ඇයට අලුත් දුරකථනයක් ලබා දීමට නිවසින් පිටතට පැමිණෙන ලෙස කියා ඇති අතර එම අවස්ථාවේ පාසල් සිසුවියගේ මවට ඔවුන් හසුවි තිබේ.

මවගේ කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවිය හා යතුරුපැදියකින් පළා ගිය අදාළ පුද්ගලයා කටුනායක ඥාති නිවසක රැඳී සිටිය දී පාසල් සිසුවියගේ පියා විසින් තඹුත්තේගම පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී අදාළ සිසුවිය පොලීසියට පවසා ඇත්තේ, තමා අදාළ පුද්ගලයා විවාහකයෙක් බව දැන සිටි බවත්, මීට පෙර සිය යහළුවා සමඟ ද ඔහු සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන සිටි අතර ආදරය නිසා එම කරුණු ගැන කිසිදු තැකීමක් සිදු නොකළ බවයි.

ඔහුගෙන් තමාට කිසිදු බරපතළ අපයෝජනයක් සිදු නොවූ අතර ආදරය නිසා ඔහු සමඟ සුළු සුළු සිදුවීම්වලට මුහුණ දුන් බව ද ඇය පොලීසියට පවසා තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු අද(14) දින තඹූත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අප වාර්තාකරු පවසයි.

බස් රථය ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තඹුත්තේගම පොලීසිය සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad