මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන ‘GPS’ උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු (Fitness trainer) නික් ලී, සඳුදා (මාර්තු 12) කොළඹදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවති හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් භාවිතා කරන මෙම නවතම උපාංගය ගැන මාධ්‍ය දැනුවත් කළේය. මෙමගින් ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයන්ගේ සියලු අංග චලනයන් දත්ත ලෙස එක්කාසු වී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලැබෙන බව ඔහු පැවසුවේය.
“දැන් බංගලාදේශය සමග තරගය ගත්තොත්, දුවපු ප්‍රමාණයේ ඉඳලා සෑහෙන තොරතුරු ගබඩා වෙනවා. ඒවා ක්ෂණිකව අපේ තිරය මත දිස්වෙනවා. එතකොට මට පුහුණුකරු සමග එක්ව ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් සැලසුම් කරන්න පුළුවන්” යනුවෙන් නික් ලී කියා සිටියේය.
“අපි ඒ උපකරණය පැළඳ ගෙන ක්‍රීඩා කරා. ඇත්තටම හොඳ දෙයක්. පන්දු රැකීමේදී තමයි ගොඩක් වැදගත. පන්දුවට පහරදීමේදී සමහර ක්‍රීඩකයන් ඒක පළඳින්න කැමති නැහැ. මොකද ඒගොල්ලෝ කැමතියි සුපුරුදු විදිහට ක්‍රීඩාකරන්න. මානසික දෙයක් ඒක” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු නව උපකරණය ගැන බීබීසී සිංහල පුවත් සේවය සමග පවසා සිටියහ.
මේ අතර ස්පාඤ්ඤයයේ බාසිලෝනා කණ්ඩායම භාවිතා කරන ක්‍රීඩකයන් කළමනාකරණය කිරීමේ මෘදුකාංගයක්ද ශ්‍රී ලංකාව මිලදී ගෙන ඇති අතර ඒ අනුව ජාත්‍යන්තර කණ්ඩායමක් සතු නවීන තාක්ෂණය ශ්‍රී ලංකා කණ්ඩායමටද දැන් ඇති බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේය.
නිදහස් කුසලාන තරගවලියේ ඉන්දියාව සමග සඳුදා පැවති තරගයෙන් පරාජයට පත්වීමත් සමග තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකාවට බංගලාදේශයට සමග සිකුරාදා (මාර්තු 16) පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබේ.
Tuesday, March 13, 2018
බාසිලෝනා කණ්ඩායම භාවිත කරන විශේෂ උපකරණයක් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment