යාපනයේදී කොටි නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 13, 2018

යාපනයේදී කොටි නිල ඇඳුම් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි…

යාපනය චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී ජල නල පද්දතියක් එලමින් සිටි පිරිසකට එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිලඇඳුම් කොටසක් හා පුපුරණද්‍රව්‍ය කොටස් කිහිපයක් ඊයේ (12) සවස හමු වූ බවට චාවච්චේරි පොලීසිය කියා සිටියේය.

යාපනය ජලසම්පාදන මණ්ඩලයේ කම්මරුවන් පිරිසක් විසින් චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේ ජලනල පද්දතියක් එලමින් සිටියදී කම්කරුවෙකු විසින් පළමුව අදාල කොටි සංවිධානයට අයත් නිල ඇඳුම දැක පසුව ඒ බව චාවකච්චේරි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලදාරීන් විසින් කරන ලද සෝදිසි වලදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක උඩ කොටසක් හා පුපුරණදුව්‍ය අඩංගු කැබලි දෙකක් හමු වී ඇත.

යාපනය චාවකච්චේරි පොලීසිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ස්ථානයේදී තවත් එවැනි නිල ඇඳමු හෝ යුද උපකරණ ඇත්තේද යන්න පිළිබඳව සෙවීමේ කටයුතු සිදු කරන බවටත හමු වූ කොටි සංවිධානයට අයත් නිලඇඳුම් කොටස් හා පුපුරණදුව්‍ය කොටස් බොහෝ කලක් පැරණි ඉතා දිරාපත් තත්වයේ තිබුනු බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad