මුහුණු පොතට අද රෑ සිට යළි නිදහස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

මුහුණු පොතට අද රෑ සිට යළි නිදහස

සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද (12) දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඉංග්‍රීසි පුවත්පතකට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.
මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Image result for facebook jail break

No comments:

Post a Comment

Post Bottom Ad