ජාතිවාදය ෆේස්බුක් තුළ පැතිරූ කොල්ලුපිටියේ පාසල් සිසුවා දිගටම රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

ජාතිවාදය ෆේස්බුක් තුළ පැතිරූ කොල්ලුපිටියේ පාසල් සිසුවා දිගටම රිමාන්ඩ්

මහනුවර සිදුවීම මුල්කර ගනිමින් ජාතිවාදී සහ ආගම්වාදී ‍වෛරී ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සමාජගත කිරීමට සැකපිට ප්‍රධාන පෙළේ පාසල් 3ක සිසුන් 04 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර

කොළඹ නගරයේ පිහිටි ජාතික පාසල් දෙකක සහ මහරගම පිහිටි ජාතික පාසලක සිසුන් සිව් දෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
මහරගම සිසුන් දෙදෙනා සහ කොළඹදී අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයන් එක් අයෙකු වයස අවුරුදු 16ට අඩු බැවින් අධිකරණයට ඉදිරීපත් කළ පසු 22 දා දක්වා මාකොළ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කර තිබෙන අතර
වයස 16ට වැඩි කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවා
ලබන 26 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  අද(12)  නියෝගය කරන  ලදි.
පසුගිය දා කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad