නුවර කලබල වෙද්දි ගූගල් එකේ වැඩියෙන්ම හොයපු දේවල් මෙන්න..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

නුවර කලබල වෙද්දි ගූගල් එකේ වැඩියෙන්ම හොයපු දේවල් මෙන්න.....


පසුගිය දින කිහිපයේම මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ කලහකාරී සිදුවීම් සඳහා සමාජ ජාලා ක්‍රියාකාරීත්වය සෘජුවම බලපෑ බව බොහෝ පාර්ෂව ප්‍රකාශ කලා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා වෙබ් අඩවි රැසක්ම අක්‍රීය කිරීමටද පියවර ගෙන තිබුනා.
එසේම පසුගිය කාල සීමාව තුල ඇතිවූ කලහකාරී සිදුවීම් වලට සමාජජාලා වලින් ඔබ්බට ගොස් ලොව ප්‍රභලම සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කර ඇති බව Google Trends දත්ත තහවුරු කරනවා.
ඒ අනුව පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇතිවු ගැටුම් වලදී යොදාගත් පෙට්‍රල් බෝම්බ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම Google හරහා ලබා ගෙන ඇති බව පසුගිය මාර්තු 6 වනදා සිට 8 වනදා දක්වා කාල සීමාව තුල Google Trends දත්ත නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වනවා.
පසුගිය දින කිහිපය තුල ඇතිවූ ගැටුම් වලදී පෙට්‍රල් බෝම්බ සමග කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙනතිබූ අතර එම දිනවල මධ්‍යම සහ බස්නාහිර පළාත තුල බොහෝ පිරිසක් පෙට්‍රල් බෝම්බ නිෂ්පාදනය කරන්නේ කෙසේද යන්න Google සෙවුම් යන්ත්‍රය හරහා සොයා තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad