
තංගල්ල මහජන බැංකුවේ තැත්පත් කර තිබූ රුපියල් ලක්ෂ 12 1/2කට අධික රන් භාණ්ඩ අතුරුදන්වීමේ සිද්ධියක සැකකාරිය වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විදේශගත වීමට අචසර දුන් තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය අධිකරණය භාරලයේ තිබූ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රාහැරීමටද ඊයේ (05) නියම කළාය.
කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගි වීම සඳහා ඇයට විදේශගත වීමට අවසර දෙන්නැයි නීතිඥ නිශාන්ත සඳහරණ මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරිය
රුපියල් දස ලක්ෂයක්
එම කොන්දේසිය ලිහිල් කරවා ගැනිම සදහා හෂිනි මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම පැමිණිල්ල කැඳවනු ලැබිණි.
කැනඩාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන සංගීත සංදර්ශන කිහිපයකට සහභාගිවිමට තම සේවාදායිකාවට ආරාධනා ලැබී ඇති හෙයින් එය සඳහා විදේශගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය ලබන මාර්තු මස 27 වැනිදාත් මැයි මස 30 වැනිදාත් අතර කාලයේදී ඇයට විදේශගතාවීමට අවසර දුන්නාය. අධිකරණය බාරයේ ඇති ඇයගේ ගමන් බලපත්‍රය රුපියල් දස ලසෂයක් වටිනා බැඳුම්කරයක් මත මුදාහැරීමට ද විනිසුරුවරිය නියෝග කළාය.
නඩුව ජූලි මස 20 වැනිදා යළි කැඳවිමට නියමිතය.
(තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
No comments:
Post a Comment