ෆොන්සේකාට පොලිස් ඇමතිකම හොදටම ගැලපෙනවා - අපි විරුද්ධ නැහැ.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

ෆොන්සේකාට පොලිස් ඇමතිකම හොදටම ගැලපෙනවා - අපි විරුද්ධ නැහැ....


නීතිය හා සාමය අමාත්‍යාංශය හොදින්ම ගැලපෙන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට බවත් ඔහුට එම තනතුර ලබා දෙනවාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් ශ්‍රිලංනීප මහලේකම් දුමින්ද දිසානායක පවසයි.
එසේම කැබිනට් අමාත්‍යධූර සංශෝධනය සම්බන්ධයෙන් සියලුම බලතල ඇත්තේ ජනාධිපතිවරයාට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සංශෝධනය සිදුකරන දිනය මේ දක්වා ප්‍රකාශ වී නොමැති බවත් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කරයි.
කෙසේවෙතත් නව අමාත්‍යධූර සංශෝධනයයක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් අමාත්‍යවරුන් සිදු කරන ඇතැම් ප්‍රකාශ ඔවුන්ගේ පෞද්ගලික මතය මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බවත් 2020 වසර දක්වා වත්මන් යහපාලන ජාතික ආණ්ඩුව ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලනිප මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad