මහබාගේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් ගද්දී මාට්ටු... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

මහබාගේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් ගද්දී මාට්ටු...


රුපියල් 8000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ චෝදනාව මත මහබාගේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති අල්ලස් කොමිසම මඟින්  (05) දිනටයේ අත්අඩංගුවට ගෙන තිබේ.

කදාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ව්‍යාජ කාර් රථයක් පරිහරණය කිරීම, ව්‍යාජ මුදල් හා සුදු හඳුන් කිලෝ 3ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මහ බාගේ පොලීසිය වෙත භාර දීමෙන් පසුව අධිකරයට ඉදිරිපත් කර තිබූ කාර් රථය පැමිණිලිකරුවෙත නිදහස් කරදීම සඳහා රුපියල් 10000ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන රුපියල් 2000ක මුදලක් ප්‍රථමයෙන් ලබාගෙන පසුව රුපියල් 8000 මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගන්නා අවස්ථවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad