කුඩා දැරියට හමු වුණු දඹ රන් පිළිමය පොලීසියට...... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

කුඩා දැරියට හමු වුණු දඹ රන් පිළිමය පොලීසියට......


අගල් 4 ක් පමණ උස මෙම පිළිමය ග්‍රෑම් 500 කට ආසන්න බරකින් යුක්ත දඹ රන් බවට සැකකරන පිළිමයක් කරුවලගස්වැව පොලීසිය කුඩා දැරියක සතුව තිබී සොයාගෙන තිබෙනවා.
පුත්තලම රජවිගම ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරිවියකට පසුගිය 27 වැනිදා ගෙවත්තේ මල් පාත්තියේ තිබී මෙම පිළිමය හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ බව දැන ගෙන ඇති ගම්වාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංශයටද දැණුම් දීමට කටයුතු කර ඇත‍.
ඒ අනුව රජවිගම ග්‍රාම නිලධාරීවරයා පිළිමය බාරගෙන එය අද පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad