දෑස පා සිනා ගැයූ ප්‍රවීණ ගායිකා අයිරින් සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 6, 2018

දෑස පා සිනා ගැයූ ප්‍රවීණ ගායිකා අයිරින් සමුගනී



දශක පහකට ආසන්න කාලයක් මෙරට ගීත ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වය හිමිකර ගෙන සිටි ප්‍රවීණ ගායිකා අයිරින් ද අල්විස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ ගීත රචක හේම ශ්‍රී ද අල්විස් මහතාගේ භාර්යාව වූ ඇය අභවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවූවාය.

ශ්‍රී ලංකා ගුවින් විදුලි සංස්ථාවේ සරල ගායිකාවක වූ ඇය චිත්‍රපට හා ගුවන් විදුලියට ගයා ඇති ගීත සංඛ්‍යා 1200 කට අධිකය.
"සීත චන විල් පෙතේ,” - දෑස පා සිනා." " පෙම් හසරැළි පාලා." "ජීවයේ මල් පිපුණා.” ඒ අතරින් කිහිපයකි.
සේයාවක් පසුපස සහ " අම්බපාලි” ඇය පසුබිම් ගී ගැයූ චිත්‍රපටි දෙකකි.
79.80.90 දශකයන්හි ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් බවට ඇය පත්ව සිටියාය.
දේහය, වාද්දුව, උතුරු තල්පිටිය, භාවනා මධ්‍යස්ථාන පාරේ අංක 50/9 දරන නිවසෙහි තැන්පත් කර ඇත අතර. අවසන් කටයුතු හෙට (07) සවස 4.00 ට තල්පිටියේ. වේරගම, පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
(අමරදාස සිල්වා)

No comments:

Post a Comment

Post Bottom Ad