ජනපති පැමීණි විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 12, 2018

ජනපති පැමීණි විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්


ජනපතිගේ ඉන්දියානු හා ජපන් සංචාරය අවසන් වූවායින් පසු විද්‍යානුකූල ලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බව මොරගහකන්ද ජලාශයට අනුබද්ධ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (11) දහවල් එක්වෙමින් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී සමාජ ජාලා වෙබ් අඩවි සඳහා බරපතළ තීන්දුවක් ගන්නා බවත් හෙතෙම පැවසීය.
ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය.
සමාජ ජාල වෙබ් අඩවි හරහා සහ මුහුණු පොත හරහා ජනාධිපතිවරයා ඇතුළු රටේ බහුතරයකට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනාගේ චරිත ඝාතනය කිරීම් නිසා මේ තත්ත්වය ඉදිරියට මැඬ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති අණපනත් සකසන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad