බුදු පහන තියෙනොකටයි පිපුරුවේ – වරද රියදුරාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ! ගීතා කියන කතාව මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 26, 2017

බුදු පහන තියෙනොකටයි පිපුරුවේ – වරද රියදුරාගේ සහ ආරක්ෂක නිලධාරියාගේ! ගීතා කියන කතාව මෙන්න (PHOTOS)


ගෑස් කාන්දු වීමකින් ඇතිවූ ගිනි ගැනීම තම රියදුරා සහ මන්ත්‍රී ආරක්ෂක නිලධාරියාගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ බවට මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා. තම නිවෙසේ ගෑස් සිලින්ඩරයේ කාන්දුවීමක් ඇතිදැයි පරීක්ෂා කර බල ලෙස උපදෙස් දුන්නද ඒ අවස්ථාවේදී එවැනි කාන්දුවීමක් නොමැති බවට ඔවුන් විසින් තහවුරු කළ බවයි ඇය පවසා ඇත්තේ.

ඒ අනුව තමා බුදු පහන දැල්වීමට උත්සාහ කරන විට විශාල ගිනි ජාලාවක් සමගින් තමා පිළිස්සුණු බවද ඇය සඳහන් කර තිබෙනවා. අදාළ සිදුවීමට කෙටි කාලයකට පෙර ආරක්ෂක නිලධාරියා සහ රියදුරු නව ගෑස් සිලින්ඩරයක් ගෙන ආ බවද ඔවුන් දෙදෙනාම එය සකස් කිරීම කළ බවද මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad