මගේ පියා R. පේ‍්‍රමදාස තරුණයන්ට දුන් අවස්ථාව මහින්ද රාජපක්‍ෂ නැති කලා..- සජිත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

මගේ පියා R. පේ‍්‍රමදාස තරුණයන්ට දුන් අවස්ථාව මහින්ද රාජපක්‍ෂ නැති කලා..- සජිත්

තම පියා වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපති විසින් මෙරට තරුණ අපේක්‍ෂකයන් 40%ක සදහා මැතිවරණයට තරග වැදීමට ලබා දුන් අවස්ථාව අහඅමි කලේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් යයි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

නව මැතිවරණ ක්‍රමයක් ගෙනැවිත් ඔවුන් විසින් එය අහෝසි කළ බවද පවසන ඇමතිවරයා එ් ආකාරයට තරුණයන්ගේ ඡන්ද අපේක්ෂක අයිතිය අහෝසි කළ අය අද තරුණ අසහනයක් ඇතැයි කියා කිඹුල් කඳුළු හෙළන පවද සදහන් කරයි. ඇමතිවරයා මේ අදහස් පල කලේ දඹුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රාජපක්ෂ පාලනය විසින් තරුණ තරුණියන්ගේ අයිතිය නැති කිරීමට පාර්ලිමේන්තුවේ විවාද කරද්දී තමන් ඒ වෙනුවෙන් හඬක් නැඟුවද තමන් ඉදිරිපත් කළ සංශෝධන හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඉරා කුණු බක්කියට දැමු බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad