පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (31) හදිසියේම යාපනයේ සංචාරයක නිරත වී ඇති අතර එහිදී ඊයේ (30) යතුරුපැදි කල්ලියකින් පහර කා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා බැලීමට යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇත.
යාපනය කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දුවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී ඊයේ දහවල් යතුරුපැදි කල්ලියක පහර දීමක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා බැලීමට යාපනය ශික්ෂණ රෝහලට පොලිස්පතිතුමන් ගොස් ඇත. එහිදී පොලිස්පති වරයා විසින් පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් තොරතුරු විමසීමෙන් පසුව උතුරු පලාත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ අදාල සිදුවීමට සම්බන්ධ සැකකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගත යුතු බවටත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම්ද යොදවන ලෙසටත්ය.
අනතුරුව පොලිස්පතිතුමන් විසින් යාපනයේ ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන් රැසක් හමු වී ඔවුන්ව දැනුවත් කොට ඇතිතේ වසර ගණනාවක් යුද මානසිකත්වයකින් පැවති පරිසරයක රාජකාරි කිරීමේදී ප්‍රවේශම් වන ලෙසටත් එහිදී අවම බලය පාවිච්චි කරන ආකාරය පිළිබඳවද පොලිස්පතිතුමන් විසින් යාපනයේ පොලිස් නිලධාරීන් දැනුවත් කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:
Post a Comment