ටෙස්ට් 03යි..එක්දින 05යි..විස්සයි විස්ස 1යි.. ශ‍්‍රී ලංකාවට තවත් සංචාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ටෙස්ට් 03යි..එක්දින 05යි..විස්සයි විස්ස 1යි.. ශ‍්‍රී ලංකාවට තවත් සංචාරයක්

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලබන නොවැම්බර් මස දී ඉන්දීය තරග සංචාරයකට එක් වීමට නියමිතව තිබෙනවා. ඒ, ටෙස්ට් තරග 03ක්, එක්දින තරග 05ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් සඳහායි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට ශ‍්‍රී ලංකාවේදී පූර්ණ ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 තරගාවලියේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුවහොත් නොවැම්බරයේ ආරම්භ වන ඉන්දීය සංචාරයද ශ‍්‍රි ලංකාවට දැඩි අභියෝගයක් වනු ඇති බවයි ක‍්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad