ජපන් ගිහින් ඉවරයි – ශ්‍රී ලංකා සිසුන්ට ජපන් වීසා අහිමි වන ලකුණු! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ජපන් ගිහින් ඉවරයි – ශ්‍රී ලංකා සිසුන්ට ජපන් වීසා අහිමි වන ලකුණු! (Exclusive)

ශ්‍රී ලංකා සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාකලාපය නිසා ඉදිරියේදී වීසා පහසුකම් ලබාදීම දැඩි ලෙස සීමා කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ජපාන රජයේ අවධානය යොමුවී ඇතැයි අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. අධ්‍යයන වීසා මත ජපානයට සිසුන් යවා ඔවුන් අධ්‍යාපනය ලබන අතරම අර්ධකාලීන රැකියා වලට යොමු කිරීම හරහා පසුගිය සමයේදී විශාල ආදායමක් ඉපයීමට අධ්‍යාපනික ආයතන සමත්වූ අතර ඉන් විශාල විදේශ විනිමයක් ඉපයීමට ශ්‍රී ලංකාව සමත්විය.

මෙම ව්‍යාපාරයේ ඇති ලාභදායීත්වය නිසාම බොහෝ ආයතන ඒ සඳහා පෙළඹී ඇති අතර මේ වනවිට උසස් පෙළ අවසන් වූ වහාම ජපන් යාම බොහෝ දෙනෙකුගේ හීනයක් වී තිබේ. නමුත් පසුගිය සමය පුරා ජපානයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකීක සිසුන් සිය අධ්‍යාපන කටයුතු මඟහරවා ගනිමින් සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වී ඇති අතර එය එරට රජයට හිසරඳයක් වී තිබේ.

සීමාවකින් තොරව මත්පැන් පානය, ගැටුම් ඇති කරගැනීම, අනවශ්‍ය ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම, පාසල් වල දේශණ සඳහා සහභාගී නොවීම, නිසි කාර්‍යක්ෂමතාවයකින් තොරව සේවා ස්ථානවල වැඩ කිරීම යන කරුණු මත ශ්‍රී ලාංකීක සිසුන්ගේ පැමිණිම සීමා කිරීමට නුදුරේදීම කටයුතු සකස් කිරීමට ජපන් රජය පියවර ගනිමින් සිටින බව වාර්තා වී ඇත.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad