තහනම් දැල්වලින් මාළු ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

තහනම් දැල්වලින් මාළු ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවට

තහනම් දැල්වලින් මාළු ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවට
තහනම් දැල් භාවිතා කරමින් මන්නාරම් වෙඩිතලතිව් මුහුදු තීරයේදී මසුන් ඇල්ලූ මෙරට ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදාව විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන ඇත. උතුරුමැද නාවික විධාන මූලස්ථානය අනුයුක්ත නාවික සෙබලුන් පිරිසක් විසින් වෙඩිතලතිව් මුහුදු තීරයේදී තහනම් දැල් භාවිතා කරමින් රහසිගතව මසුන් ඇල්ලූ ධීවරයින් 12 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ධීවරයින්ට අමතරව ඩිංගි යාත්‍රා 03 ක් , වල්ලම් යාත්‍රාවක් , තහනම් දැල් 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 , වන අතර අත්අඩංගුවට ගත් ධීවරයින් හා උපකරණ වැඩි දුර් නීතිමය පියවර සඳහා වෙඩිතලතිව් ධීවර පරික්ෂක කාර්යලාය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad