අරගලයට විසඳුම් ලබානොදී එජාප මැර කල්ලි යොදවා පහරදී බියගන්වා පළවාහැරීමට ක්‍රියාකිරීම තරයේ හෙළා දකින අතර ඊට සම්බන්ධ මැරයන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස රජයට පවසන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරී, නිදහස් සේවක සංගම් ශාඛාවේ සභාපති කැළුම් කොඩිතුවක්කු මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් විමසා සිටින්නේ යහපාලන රජය යටතේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් මර්දනය කිරීමට යුධ හමුදා, පොලිස් බලය යෙදවීම කොතෙක් දුරට සාධාරණද යන්නයි. ජාත්‍යන්තරවද රට අපකීර්තියට පත්වන ආකාරයෙන් කම්කරු පන්තිය පාගා දැමීමට මැර කල්ලි මෙහෙය වන නොමේරූ දේශපාලනඥයන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධ රජය කෙසේ ක්‍රියාකරන්නේද යන්න පිළිබඳ සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයම අවධානයෙන් සිටින බවද ඔහු පවසයි.
– සමීර
Saturday, July 29, 2017
Home
දේශපාලන පුවත්
තෙල් සේවකයන්ට පහර දුන් කොළොන්නාවේ මැර කල්ලි වහා අත්අඩංගුවට ගනු..- නිදහස් සේවක සංගමය
තෙල් සේවකයන්ට පහර දුන් කොළොන්නාවේ මැර කල්ලි වහා අත්අඩංගුවට ගනු..- නිදහස් සේවක සංගමය
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment