සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පාලනය ආණ්ඩුකාර යටතට.. ඡන්ද නෑ..- ඡන්ද නොතියන කොමිසමේ සභාපතිගේ ප‍්‍රකාශය මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

සබරගමුව, උතුරු මැද, නැගෙනහිර පාලනය ආණ්ඩුකාර යටතට.. ඡන්ද නෑ..- ඡන්ද නොතියන කොමිසමේ සභාපතිගේ ප‍්‍රකාශය මෙන්න..

සැප්තැම්බර් මස අග භාගයේදී නිල කාලය අවසන් වීමට නියමිත සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා තුනෙහි පාලනය ඔක්තොම්බර් මාසයේ සිට පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

එතම දිනයක සියළු පළාත් සභාවන්හි මැතිවරණ පැවැත්වීමට සදහා කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය ලබා දීමත් සමග මෙම තත්වය උදා වී ඇති බව සදහන්ය. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ නිල කාලය හමාර වන පළාත් සභාවන්හි නියමිත දිනට ඡන්දය පැවැත්වීමට නොහැකි වන්නේ නම් එහි බලය ප්‍රධාන වශයෙන් අණ්ඩුකාරවරයාටත් ඊට අමතරව පළාත් සභාවේ සභාපතිවරයා සහ ලේකම්වරයා යටතේ පාලනය කටයුතු සිදුවනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad