සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 304 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ළහිරු කුමාර ලකුණු ලබා ගැනීමට ප්‍රථමයෙන් දවා ගැනීමට ජඩේජා සමත් වූයේ මොහොමඩ් ෂාමි අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
දෙවැනි ඉනිමේදීද නොදැවුණු ක්‍රීඩකයා වූ දිල්රුවන් පෙර්රා ලකුණු 21 ක් රැස් කරගෙන සිටියේය. කෙසේ නමුත් ඊයේ (28) ඇගිල්ලේ ආබාධයකට ලක් වූ රංගන හේරත් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවට පහර දීමට නොපැමිණී අතර අසේළ ගුණරත්නගේ ඇගිල්ලේ ආබාධයද හේතුවෙන් තවත් කඩුළු 2 ක් අතැතිව තිබියදීම සිය ඉනිම අවසන් කිරීමට ශ්‍රී ලංකාවට සිදු විය.
ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍ර අෂ්වින් කඩුළු 3 බැගින් දවා ගැනිමට සමත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙසින් ඉන්දියාව ඉදිරියෙන් පසුවේ .
ලකුණු පුවරුව මෙතනින්
Saturday, July 29, 2017
ඩිල්රුවන් එක් අන්තයක තනිවෙයි.. ශ‍්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment