ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය කණ්ඩායමට මුහුණ දීම ශ්‍රී ලංකා පිලට ඉතාමත් අසීරු වන බව ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර් කියයි. ශ්‍රී ලාංකික පන්දු යවන්නන්ට වාසිදායක වන අයුරින් තණතීරු සකස් කළහොත් මිස ඉන්දීය කණ්ඩායම අසීරුතාවට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපොහොසත් වන බවද ගම්භීර් පැවසූ බව ‘ද හින්දු’ පුවත් පත වාර්තා කරයි.
කොළඹ සී.සී.සී. පිටියේදී 22 වැනිදානිමාවූ දෙදින පුහුණු තරගයේදීත් වරෙක කඩුල්ලක් දැවී ලකුණු 139 ක් ලබා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල අවසන් කඩුලු 9 ම ලකුණු 48 ක් තුළදී අහිමි කරගත්තේය. සභාපතිගේ පිල ලබාගත් ලකුණු 187 ට පිළිතුරු වශයෙන් ඉන්දීය පිල කඩුලු 9 ක් දැවී 312 ක් ලබාගත් නමුත් ඉන්දීය පිලේ විරාට් කෝලි, අජින්ක්‍යා රහනේ, ෂිකාර් ධවාන් සහ රෝහිත් ෂර්මා යන සිවුදෙනාම තමන්ගේ කඩුලු අතහැර දමමින් ආපසු ක්‍රීඩාගාරයට ගියහ.
මේ ඕනෑ තරම් හැකියාවන් සහිත තරුණ ක්‍රීඩකයන් සිටිනවා යයි කියන ශ්‍රී ලංකාවේ යොවුන් කණ්ඩයමක තත්ත්වයයි. “මේක කාටත් පේන්න තියෙන දෙයක්. ඉන්දියාව මෙම තරගාවලියට පිවිසෙන්නේ තරගාවලිය ජයගත හැකි කණ්ඩායම ලෙසයි. ඔවුන් ලෝකයේ අංක 1 ටෙස්ට් කණ්ඩායම. අනෙක ශ්‍රී ලංකාව පසුගිය දවස් වල ක්‍රීඩා කරපු ආකරයෙන් පෙනෙන්නේ ඉන්දීය පිල අසීරුතාවට පත්කරන්න තරම් පන්දු යවන්නන් ඔවුන්ට නැහැ කියන එකයි”
“අපේ කඩුලු 20 ම දවාගන්න ඔවුන්ට තිබෙන එකම ක්‍රමය ඔවුන්ගේ පන්දු යවන්නන්ට වාසිදායක වන විදිහට තණතීරු සකස් කිරීමයි” යයි ඉන්දියාවේ පී.ටී.අයි පුවත් සේවයට ගම්භීර් පවසා තිබිණ. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ නමුත් එම තරගාවලියේ අනුශූරයන් වූ ඉන්දීය කණ්ඩායම පසුව බටහිර ඉන්දීය පිලට එරෙහිව එක්දින තරගාවලියකට සහ විස්සයි-20 තරගයකට සහභාගි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණියේය. ගම්බීර්ගේ අදහස වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන ස්වරූපය අනුව ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 තරග අතරේ ඉක්මනින් හැඩගැසීමට ක්‍රීඩකයන්ට සිදුවී තිබෙන බවයි.
“අපි විතරක් නෙමේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් ශූරයන්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කළා. සිම්බාව්වේ පිලට එරෙහිව ඔවුන්ට තිබුණෙත් එකම ටෙස්ට් තරගයක් විතරයි..දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය ඒකයි..මේ තත්ත්වයන් අතරේ වෙනස් වෙන්නට ක්‍රීඩකයන්ට මානසික ශක්තිය තියෙන්න ඕනේ” යයි ගම්භීර් කියයි.
සිම්බාබ්වේ පිලට එරෙහිව සිවුවැනි ඉනිමේදී කඩුලු 6 කට ලකුණු 391 ක් ලබාගත් නමුත් ඉන්දියාව හමුවේ ක්‍රීඩා කිරීම වෙනස් ආකාරයේ අභියෝගයක් බව ගම්භීර් කියයි. “ඕනෑම ආකාරයේ කණ්ඩායමකට එරෙහිව ලබාගන්නා ජයක් සතුට දනවන්නක් තමයි. ඒත් සිම්බාබ්වේ කණ්ඩායමයි ඉන්දියාවයි සංසන්දනය කරන්න බෑ. ඉන්දියාවට එරෙහිව තරග කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ අභියෝගයක්…ඒක ගොඩක් අසීරුයි” යයි කී ගම්භීර් කියා තිබිණ.
Monday, July 24, 2017
Home
ඕපාදුප
“ශ්රී ලංකාවට දිනන්න නම් තණතිලි වෙනස් කරන්න වෙයි”.. ඉන්දියානු සුපිරි පිතිකරුවා ශ‍්‍රී ලංකා කණ්ඩායම තුට්ටුවට ඇද දමයි
“ශ්රී ලංකාවට දිනන්න නම් තණතිලි වෙනස් කරන්න වෙයි”.. ඉන්දියානු සුපිරි පිතිකරුවා ශ‍්‍රී ලංකා කණ්ඩායම තුට්ටුවට ඇද දමයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment