කොබ්බෑකඩුව ඇතුළු විරුවන් මිය ගියේ කෙසේදැයි හෙළි කරන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

කොබ්බෑකඩුව ඇතුළු විරුවන් මිය ගියේ කෙසේදැයි හෙළි කරන්න

ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය නිම වී එහි විවිධ පැතිකඩ පිළිබඳව කතා කරන යුගයක ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් එකම ස්ථානයක එකම ආකාරයට මියගියේ කෙසේ දැයි අදාළ පාර්ශ්වයන් රටට අනාවරණය කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන් වහන්සේ පවසති.

ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 25 වැනි ගුණානුස්මරණ වැඩසටහනේ පැවිදි අනුශාසනාව පවත්වමින් අදහස් දැක්වූ උන්වහන්සේ එදා අරාලිතුඩුවට මෙහෙයුමට ගිය ආකාරයත් අනතුරෙන් පසුව එතුමාට ප්‍රතිකාර ලබා දීම ප්‍රමාද වීම පිළිබඳවත් වැනි උභතෝකෝටික ප්‍රශ්න රැසක් ශ්‍රී ලාංකිකයන්ට තිබුණා. නමුත් අදත් මේ විරුවන්ට සිදුවූ දේ අබිරහස් ලෙසම පවතිනවා.

වර්තමානය වන විට එදා යුද්ධයට දායක වුණු පිරිසට විවිධ ආකාරයේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදු වෙලා තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ මෙවැනි වටිනා යුද නායකයෙක් මිය ගියේ කෙසේ දැයි සොයා බැලිය යුතුමයි. එතුමාගේ යුද සේවය ඉතා කෙටි කලකට සීමා වුවත් යුද හමුදාවේ ගෞරවයත් රටේ අභිමානයත් රැක දීමට කැපවීමෙන් කටයුතු කළ බව පැවැසූ උන්වහන්සේ කියා සිටියේ එදා එතුමන්ගේ සැලසුම් අභිමථාර්ථ ඉෂ්ට කර ගැනීම විවිධ වූ හේතු කාරණා නිසා දුෂ්කර වූ බවයි. 


ඒ අතර ජාත්‍යන්තර බලපෑම් ද තිබූ බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කළේය. වඩමාරච්චි සටන සමයේ එම බාධාවන් සිදුවූ බවත් උන්වහන්සේ පැවැසූහ. කොබ්බෑකඩුව පරපුර මේ රට ඉතා විශිෂ්ට පරපුරක්. ඔවුන් මේ රටේ නමක් දිනා ගත්තේ ඔවුන් කරන ලද ක්‍රියාවන් හේතුවෙන්. එම පරපුරේ අයකු වන ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව මැතිතුමා අධිෂ්ඨානශීලී ධෛර්යවන්ත වීර චරිතයක්. එතුමාගේ මහත්මා ගති ගුණ හේතුවෙන් හමුදාවේ සියලු සෙබළ දරුවන් එතුමන්ට ගෞරව කළා. එසේම එතුමන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ එවකට ඔවුන් තුළ ලොකු විශ්වාසයක් තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad