හම්බන්තොට වරාය ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

හම්බන්තොට වරාය ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබයි

හම්බන්තොට වරාය ගිවිසුමට නිල වශයෙන් අත්සන් තබයි
හම්බන්තොට මාගම්පුර වරාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඓතිහාසික ගිවිසුම ශ්‍රී ලංකා රජයේ හා චින රජයේ විශේෂ දූත මණ්ඩල සහභාගිත්වයෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේදි ඊයේ (29) අත්සන් තැබිණි. 
ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු දෙපළ ද චීන රජය වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උප සභාපති ආචාර්ය Hu Jianhua මහතා අත්සන් තැබිණි. 

එම සුවිශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ, උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ චීන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චින තානාපති Yi. Xianliang, චයිනා මර්චන්ට් සමාගමේ විධායක උපසභාපති Dr. Hu Jianhua, චීන රජයේ කොන්සල් ජනරාල් Yang Zuo Yuan යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් කණ්ඩායමක් සහභාගි වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad