පෙරහැරට නිදහස් කළ අලි ඇතුන් 15ට පෙර යළි බාරදිය යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

පෙරහැරට නිදහස් කළ අලි ඇතුන් 15ට පෙර යළි බාරදිය යුතුයි

පෙරහැරට නිදහස් කළ අලි ඇතුන් 15ට පෙර යළි බාරදිය යුතුයි
අධිකරණ නියෝග මත මෙතෙක් උඩවලව ඇත් අතුරු සෙවනේ හා පින්නවල අලි ආනාථාගාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනෙකු මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යට සහභාගී කරවීම සඳහා නිදහස් කර තිබේ. ඒ අනුව එක් සත්වයෙකු හට රුපියල් කෝටියක බැඳුම්කරයට යටත්ව නිදහස් කිරීමට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් පසුගියදා ලබා දුන් නියෝගයකට අනුව එම සතුන් නිදහස් කරනු ලැබීය.

නිදහස් කරනු ලැබූ අලි පැටවුන් රැගෙන යාම සඳහා අලිපැටවුන්ගේ හිමිකරුවන් උඩවලව ඇත් අතුරු සෙවන වෙත පෙරේදා උදැසන 09 සිට රාත්‍රී 07 පමණ වනතෙක් රැදී සිටියත් ඔවුන්හට අලිපැටවුන් රැගෙන යාමට හැකිවුයේ රාත්‍රී 7.30 පමණ බව වාර්තා වෙයි. අදාළ ලිපිලේඛන සැකසීම සඳහා කාලයක් ගතවූ බව එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

මෙසේ ලබා ගත් අලි ඇතුන් ලබන මස 15 වනදාට පෙර යළි බාරදීමට අධිකරණය දන්වා තිබේ. පසුගිය කාලය තුළ ව්‍යාජ බලපත්‍ර සැකසීම හා තවත් කාරණා යටතේ විමර්ශනය කරමින් මෙම අලිඇතුන් අධිකරණ නියෝමත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තිබිණි

No comments:

Post a Comment

Post Bottom Ad